(රංජිත් රාජපක්)

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන්  එක් අයකු ජිවිතක්ෂයට පත් වි නව දෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට  ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

හැටන් දික්ඔය සලංකන්ද මාර්ගයේ ධාවනය වූ මෙම බසය එහි රියැදුරට   පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරයි.

බස් රථයේ රියදුරා අතුරුදහන් වි ඇති බවත්, රෝහල්ගත කල අයගේ තත්ත්වය තරමක් බරපතල බවත් හැටන් පොලිසිය කියයි.