(යොහාන් භාසුර)

විදුලිය වැඩිම ඉල්ලමක් ඇති පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 ට දක්වා වන කාලය තුළ අද (28) විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිබලාගාරයක් ඇනහිටීම නිසා අද දිනයේ මෙගාවොට් 20 විදුලිය හිඟයක් පැවතීම නිසා එම ප්‍රමාණය ආවරණය කරගැනීම සඳහා මෙම ඉලල්ීම කරන බව කී අමාත්‍ය ලොකුගේ මහතා ජනතාව ඒ සඳහා සයෝගය දැක්වුවහොත් එය රටට දක්වන සහයෝගයක් බව ද සඳහන් කළේය.