
(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩු වීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ පවතින බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිෂ්පාදන අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස සියලුම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.
මේ දිනවල පවතින අධික පෑවිල්ල ජල සැපයුමට බාධාවක් නොවුණත් ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යාම ගැටලුවක් වී ඇතැයි ද ඔහු කිව්ය.
මල් පාත්ති, ගෙවතු වගා සඳහා සහ වාහන සේදීම වැනි කටයුතු වලට පිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේම මුහුද? ඇයි බැරි මුහුදු වතුර පිරිපහදු කරලා ජල අවශ්‍යතාවය සපුරා ගන්න? මාලදිවයිනේ ජල අවශ්‍යතාවයෙන් 100% ම ගන්නේ මුහුදු වතුර පිරිපහදු කරලා. අපි තාමත් වතුර අහසින් වැටෙනතුරු බලා ඉන්නවා...
අරපිරිමැස්මෙන් වතුර පාවිච්චි කරන්න කියන්නේ ඇයි? ඔබතුමා හිතුවේ අපි ටැප් එක ඇරලා දාලා විනෝද ගමන් යනවා කියලාද? පාවිච්චි කරන හැම ඒකකයටම අපිම තමයි ගෙවන්නේ... දේශපාලනය කරන ඒ ගොල්ලන් වගේ නිලනිවාස අපිට නැහැනේ... අහලා තියනවා බෞද්ධාලෝක මාවතට කිට්ටුව තියන නිල නිවාසයේ ළඟදී හදපු නාන තටාකයක් පවා තියනවා කියලා. ඒ ගේ තියෙන්නේ පොලිස්පති තුමාගේ නිල නිවාසය ළඟමයි.