ජාතික ආර්ථික හානි අවම වන සේ වැඩ සැලසුම් කරන්න ජාතික ආර්ථිකයට වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්පයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 15 March 2026
ධීවරයෝ පහක් සමග සැක උර තොගයක් නාවික හමුදා බාරයට ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය ගැඹුරු මුහුදේ සිදු කළ තවත් සාර්ථක මෙහෙයුමකදී මත් ද්‍රව්‍ය බවට සැකකර උර තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බාරයට ගෙන ඇත. 15 March 2026
මැදපෙරදිග යුද්දයෙන් ගුවන් වාර 768ක් අවලංගුයි මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ගුවන් වාර 768ක් අවලංගු වී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. 15 March 2026
අත්‍යවශ්‍ය සේවා ගැන ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය. 15 March 2026
‘‘අනවශ්‍ය ගමන් එපා‘‘ රට ගැන සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන පරිභෝජනය කිරීමෙන් වළකින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 15 March 2026
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය ’’දෙවියන්ගේ වැඩක්’’ ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය කිසිවෙකු අනුමාන නොකළ ’’දෙවියන්ගේ වැඩක්’’ බවත් ඒ හේතුවෙන් ගිවිසුම් ප්‍රකාරව ගැනුම්කරුවන්ට නියමිත වේලාව තෙල් සහ ගෑස් ලබාදීමට නොහැකි වනු ඇති බවත් ගල්ෆ් කලාපයේ ඇතැම් බලශක්ති නිෂ්පාදන රටවල් සිය ගැනුම්කරුවන්ට දන්වා ඇත. 15 March 2026
පොහොර වලටත් කිව්.ආර් කිව්.ආර් කේතයට පොහොර නිකුත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 15 March 2026
ෂෙඩ්වලට පොලිස් කණ්ඩායම් ඉන්ධන පිරවුම්හල්වල තදබදය පාලනයට පොලිස් නිලධාරීන් යෙදවූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධිර මහතා පැවසීය 15 March 2026
ඇමැති ආනන්දගේ සහෝදරයා අනතුරකින් මරුට පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරා මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. 15 March 2026
‘‘හොඳින් හෝ නරකින් හෝමුස් සමුද්‍ර සන්ධිය අරිනවා‘‘ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වසාදමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය ’’හොඳින් හෝ නරකින්’’ තමන් විවෘත කරන බවත් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් බලපෑම් එල්ල වී ඇති සියලුම රටවල් එම නැව් මාර්ගය ආරක්ෂා කිරීමට යුද නෞකා එවනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 15 March 2026
අසෝක රන්වලට වරෙන්තු හිටපු කතානායක අසෝක සපුමල් රන්වලට මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය. 15 March 2026
බෙන්ජමින් නෙදන්යාහුට කරදරයක් නෑ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන ප්‍රහාරයකින් ඝාතනය වී නොමැති බවත් ඔහු ආරක්ෂිතව, හොඳින් සිටින බවත් සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 15 March 2026
රත්නපුරේ රාජ්‍ය සේවකයන්ට AI උගන්වයි රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 15 March 2026
සලේට නිදහස ඉල්ලා අත්සන් ලක්ෂයක් රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවා අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෙනුවෙන් ජනතා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනනෙහි දෙවන දිනය අද (15) දින හෝමගම නගරයේ ධර්මපාල පිලිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි. 15 March 2026
සමාජ මාධ්‍ය තොරතුරු බෙදන්න කලින් හරිද වැරදිද බලන්න සමාජ මාධ්‍ය වල තොරතුරු බෙදා හැරීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 15 March 2026
අත්‍යවශ්‍ය සේවා වලට විශේෂ ක්‍රමයකට ඉන්ධන රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථ වාහන සේවා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
මත් සැකකරුවෝ 906 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 906 ක් ඊයෙ (14) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 15 March 2026
යුද ගිනි නිවෙන්නැයි පතා කැස්බෑවන්ට නිදහස මැද පෙරදිග ඇවිලී ඇති යුද ගිනිදැල් වහා නිවී ලෝක සාමය උදාවේවායි පතමින් කරමින් වසර තුන් සියයක ආයු කාලයක් ඇති සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් සියයක් මුහුදට නිදහස් කිරීමේ පිංකමක් ඉඳුරුව වෙරළ තීරයේදී ඊයේ (14) පස්වරුවේදී පැවැත්විණ. 15 March 2026
ලක්ෂ 25ක ‘අයිස් ‘ සමඟ අයෙක් මාට්ටු විදෙස් රටක සිට මෙහෙයවනු ලබන අයිස් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා ‘අයිස්‘තොගයක් සහ එම මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් රුපියල් එක් ලක්ෂ පන්දහසක් සමග අද(15) බලපිටියේදි අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 15 March 2026
බදුල්ල-අඹේවෙල දුම්රිය ගමනාගමනයට බාධා හපුතලේ දුම්රිය ස්ථානය අසලදි අද (15) අලුයම සේවා දුම්රියක් පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . දිට්වා සුලි කුණාටුවෙන් විනාශවූ උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු සිදු කිරිම සදහා අඹේවෙල බදුල්ල අතර යොදවා ඇති සේවා දුම්රියෙ එන්ජිම සහ එහි මැදිරියක් මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය බළධාරින් කීහ . 15 March 2026
අලුත් කිව්.ආර් ලියාපදිංචියට තව පැය කීපයක් යාවි මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
පෞද්ගලික බස් වලට තෙල් දෙන්නේ ලංගමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. 15 March 2026
කිව්.අර් එකෙන් වාහන වලට දෙන ඉන්ධන ලීටර් ගාන මෙන්න රටේ ඉන්ධන සංචිත ප්‍රදේශම් කර ගැනීම සඳහා රජය ’’කිව් ආර්’’ කේතය හඳුන්වා දීමෙන් අනතුරුව වාහන වලට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණ ප්‍රකාශයට පත් කර තිබේ. 15 March 2026
කිව්.ආර් ගන්න විධි තුනක් ඉන්ධන ලබා ගැනීමේ කිව්.ආර් කේතය භාගත කර ගැනීම සඳහා ආකාර තුනක් බල ශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ. 15 March 2026
ඉන්ධන දෙන්න යළි QR එයි මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
පළාත් කීපයකට අද සවස ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 March 2026
අපරාධ මඩින්න චීන -ලංකා සහයෝගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ප්රමුඛ චීන දූත පිරිස අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී අද(14)පැවැත්විණි. 14 March 2026
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග පෝලිමක්! අගමැතිනී හරිනි අමරසූරිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන මහත්ම මහත්මීන්ට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා බාරදීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර ඇත. 14 March 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026