(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තරංග ගුණරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දූව සහ කොක්මාදුව මාර්ගය හරහා යමින් සිටි ගැරඬියකු බේරීම සඳහා තිරිංග තද කළ අති සුඛෝභෝගී මෝටර් රථයක පසුපසින් පැමිණි වාහන දෙකක් අද (11) ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අති සුඛෝ භෝගී මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු වන අතර ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි  කරුවන් පිරිසකි.

සිදු වූ අනතුරක් සමගම එම මාර්ගයේ  වාහන ගමනාගමනයට තරමක බාධා ඇති විය

තුවාල ලද තිදෙනා රැගත් මෝටර් රථය  කොක්මාදුව  සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී  කිලෝමීටර්  114  දශම 4 හා 5 අතරදී  මාර්ගය හරහා ගැරඬියකු යන අයුරු දැක තිබූ රියදුරු රථයේ තිරිංග තද කිරීමත් සමගම  ඊට පිටුපසින්  මාතර සිට පිළියන්දල බලා දාවනය වෙමින් තිබූ සුඛෝභෝගී බස් රථය  මෝටර් රථයේ පිටුපස ගැටීමත් සමඟම   මෝටර් රථය ආපස්සට කැරකී ගොස්  කොළඹ දිශාවට ධාවනය වෙමින් තිබූ  තවත් සුඛෝ භෝගී මෝටර් රථයක ගැටී  අනතුරුව වම් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබූ බව පොලිසිය කියයි

සිදුවූ අනතුරින් තුවාල ලද තිදෙනාට ගාල්ල කරා පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත

අනතුරින් තුවාල ලබා ඇත්තේ 

දක්ෂිණ අධිවේගී පින්න දුව අනුපාලක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත්  හෙට්ටිගේ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 5894 මහින්ද මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි