(ටී.කේ.ජී.කපිල )

කංජිපානි ඉම්රාන් නැමති මෙරට සුප්‍රකට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ මුල්‍ය අංශයේ කටයුතු භාරව ක්‍රියා කළ තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් " රත්මලානේ සයිමා " සමග තවත් දෙදෙනෙකු , සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක්  මැලේසියාවේ දී අත් අඩංගුවට අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි .

" රත්මලානේ සයිමා " රත්මලාන ,  මෙරට තුළ සිදු කළ අපරාධ රැසකට සම්බන්ධ වූ අයකු වන අතර ඔහු ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ ගුවන් ගමන් තහනමකට ලක් වී සිටි අතර ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි .

මොහුට අමතරව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංච් 31 හැවිරිදි  ඉෂාර සලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි  පසුවන ලද්දු  ලසන්ත ලක්මාල් සිල්වා නැමති අය ද මෙසේ මැලේසියාවේ දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතය .