(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියන් ලී  මහත්මිය සහ අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද(10) පැවැත්විණි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සහ වර්මානයේ ශ්‍රී ලංකාවේ  පවතින ආර්ථික, දේශපාලනික සහ සාමාජීය තත්වය පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු  පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස් මහත්මිය ද මීට සහභාගී වූවාය.