
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථක බව ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් මහත්මිය නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා හමුවේ අද (10)පැවසුවාය.
බත්තරමුල්ලේ නිවාස අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බව ඇය මෙහිදී සඳහන් කළාය. ලංකාවේ බිම්බෝම්බ සහිතව තිබූ ප්‍රදේශ වලින් සියයට 90 ක්ම මේ වන විට බිම් බෝම්බ වලින් තොර කලාප බවට පත්කර තිබේ.
ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන අතර ඉදිරි වසර 4 ඇතුලත ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බ වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව රජය පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුව ලත් සෙබළුන් 500 ක් මේ සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd