
(සුජිත් හේවාජුලිගේ)
ජාතික පොලිස් කොමිෂන් සභාව පවත්වාගෙන යන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ගොඩනැගිල්ල සහ අනෙකුත් ගොඩනැගිල්ලට පසුගිය වසරේදී රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බවත් මෙය ආර්ථික වශයෙන් ඵලදායී නොවන වියදමක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම කුලී මුදල වර්ෂයේ මුළු අය බාර වියදමෙන් සියයට තිහක පමණ ප්රතිශතයක් බවද එම වාර්තාවේ දැක්වේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භයේ සිටම කුලී පදනම මත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ ගොඩනැගිල්ලක වාර්ෂිකව ගිවිසුම්වලට එළඹෙමින් පවත්වාගෙන යනු ලබන බවත් 2025 වසරේ ගිවිසුම අනුව කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සහ අනිකුත් ගොඩනැගිල්ලට මාසයකට රුපියල් පනස් හත් ලක්ෂ එකසිය හැට දෙකක මුදලක් ගෙවා ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර කොමිෂන් සභාවේ අරමුණු ඉටුකර ගැනීමට ප්රමාණවත් මානව සම්පතක් නොමැතිවීම හේතුවෙන් ශ්රී ලංකා පොලිසියේ නිලධාරින් තිස් දෙදෙනකු පසුගිය වසරේදී එහි සේවයට යොදවා තිබුණු බව විගණන වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd