(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්තයේ පුකෙට් සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබියදී පසුගිය සතියේ දැඩි වායු කැළඹීමකට හසුවූ ගුවන් යානයේ නියමුවා  පළමු මත් ද්‍රව්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

කෙසේ නමුත් ඒ බව සහතික කිරීම සඳහා දෙවන මත් ද්‍රව්‍ය පරීක්ෂණයක්ද සිදු කර ඇති බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තුරු ගුවන් නියමුවා මත්පැන් හෝ තහනම් මත්ද්‍රව්‍ය ගෙන සිට ඇති බවට නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

කෙසේ නමුත් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම විමර්ශනය අවසන් වන තුරු ගුවන් නියමුවන් දෙදෙනාට පියාසර සැසි ලබා නොදීමට බලධාරීන් තීරණය කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ගුවන් යානය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බවත් එම ගුවන් සේවය මෙතෙක් ගුවන් නියමුවා මත්පැන් මත් ද්‍රව්‍ය ගෙන සිට ඇති බවට එල්ල වන චෝදනාව පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැති බවත් එම ගුවන් සේවය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රටොකෝලවලට අනුව ගුවන් නියමුවන්ගේ සියලුම මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකරන බවත් යැයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

තායිලන්තයේ පුකෙට් සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය දැඩි වායු කැළඹීමකට හසුවී මීටර 91ක් පහළට පැමිණ තිබූ අතර එහිදී ගුවන් යානයේ ගමන්ගත් 17ක් තුවාල ලබා තිබිණි. ඉන් 13ක් ගුවන් මගීන් වූ අතර සීවු දෙනෙක් කාර්ය මණ්ඩලයට අයත් විය.