
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද(10) පිරිනැමීය.
මෙම සායනික බස් රථය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑ අවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කෙරෙන බව අමාත්‍යංශය පවසයි.
පොදු ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පලාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd