බදාදා නිවාඩු දෙන්නැයි පෞද්ගලික පාසල් වලින් ඉල්ලයි ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ද බදාදා දිනය නිවාඩු ලබා ලබා දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඉල්ලා සිටී. 17 March 2026
ලෝක යුද්ධය විවාදය හෙට පවත්වන්න: සජිත්ගෙන් ඉල්ලීමක් ලෝක තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට බදාදා පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 17 March 2026
ට්‍රම්ප් කියුබාවට පහර දෙන්න සූදානම් ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 17 March 2026
හෝමූස් අර්බුදය විසඳන්න බ්‍රිතාන්‍ය අගමැති වෙර දරයි ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය පළ කරමින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යලි විවෘත කර, ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් උත්සාහ ගනිමින් සිටී. 17 March 2026
බැග්ඩෑඩයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් සහ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 17 March 2026
ඇමෙරිකන් චීන ජනපති හමුව මසකින් පස්සට ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි. 17 March 2026
හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 17 March 2026
ඉන්ධන හිඟයෙන් මන්ත්‍රීලාත් අමාරුවේ දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමේ බාධා මතුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 17 March 2026
ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් හදයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 17 March 2026
පළාත් කීපයකට අදත් වැසි මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 March 2026
කිව්.ආර් තාක්ෂණික බාධා හෙට උදේ වෙද්දි හරියාවි ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් හෙට උදෑසන වන විට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවැසීය. 16 March 2026
කුඩු සහ උණ්ඩ සමග සරසවි සිසුවා මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800ක් සහ එම්.එම්.9 වර්ගයේ උණ්ඩ 09ක් සමග ගාල්ල සාගර විශ්ව විද්‍යාලයේ සිසුවකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදි අද සවස ගාල්ල කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි. 16 March 2026
රජයේ ප්‍රමුඛතාවය අත්‍යවශ්‍ය සේවාවට බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 March 2026
වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට ලිපියක් ඉන්ධන සීමා සහිතවීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 16 March 2026
බදාදා දිනය රජයේ නිවාඩු මැදපෙර දිග කලාපයේ නිර්මාණය වී ඇති යුදමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ මූලික පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය. 16 March 2026
ත්‍රි’ මලේ තෙල් ටැංකි සංවර්ධනය කරද්දි කකුලෙන් ඇද්දේ ජවිපෙ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 March 2026
“පෝලිමෙන් පිට තෙල් දෙන්න එපා” පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසියට උපදෙස් දුන් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැවැසීය 16 March 2026
සජින් වාස්ට නඩු ‘මිහින් ලංකා’ ගුවන් සමාගම සඳහා ගුවන් යානා සහ කාර්ය මණ්ඩල ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියට එරෙහිව කටයුතු කරමින් ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (16) නඩු පැවරීය. 16 March 2026
ජනාධිපතිවරයා පොරොන්දුව සතියෙන් කැඩුවා මාස දෙකක් යන තෙක් රටේ බලශක්ති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවේදී පසුගිය සතියේ දෙවරක්ම පොරොන්දු වූ බවත් ගිය සතියේ දුන් පොරොන්දුව සතියක් යනවිට කඩකරන ජනාධිපතිවරයෙක් රටට බිහිවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (16) පැවසීය. 16 March 2026
විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ලලිත් ගමගේ පෙත්සමට දින දෙයි බලධාරීන් හිතාමතාම තමා පළමු ග්රෙණීයට උසස් නොකිරීමෙන් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා වීමේ අවස්ථාව තමාගෙන් ගිලීහී ගිය බව සඳහන් කරමින් විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 15 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 16 March 2026
ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ආසන්නම පිරවුම් හලෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ආසන්නතම ඉන්ධන පිරවුම් හලින් ලබාදීම සඳහා තීරණය කර තිබෙන බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය කියයි. 16 March 2026
ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ? ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ ’’අල්-ජරීදා’’ පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ ’’ද සන්’’ පුවත්පත පසුගියදා වාර්තා කළේය. 16 March 2026
ඉන්ධන කෝටාව එළවළු ප්‍රවාහනයටත් බාධා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත්, ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීමත් නිසාවෙන් එළවළු ප්රවාහණය ගැටළුවක් වී ඇති බැවින් හෙට (17) දින සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීමට ඉඩ ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරිකයෝ පවසති. 16 March 2026
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කඩිනම් කරයි නාගරික සංවර්ධන අධිකාරියේ සේවාව සහ සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා Mother lanka digital වේදිකාව නිල වශයෙන් අද (16) හඳුන්වා දුන්නේය. 16 March 2026
බස් රථවලට සතියකට ඉන්ධන ලීටර් 60ත් 360ත් අතර මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා දෙන ඉන්ධන කෝටාව ලීටර් 60 ත් 360 ත් අතර පරාසයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල පැවසීය. 16 March 2026
‘‘එදා තෙල් තිබුණා සල්ලි නෑ, අද සල්ලි තියෙනවා තෙල් නෑ‘‘ ’’ එදා QR එකක් ගෙනාවේ මේ රට බංකොළොත් වෙලා සල්ලි නැතිවූ නිසයි. මෙවර හඳුන්වා දුන් QR එක ගෙනාවේ මේක ලෝක අර්බුධයක් වෙලා අපිට සල්ලි තිබිලත් ලෝකෙ තෙල් නැතිවුනු නිසයි. ඒ නිසා එදා එකයි අද එකයි ගලපන්න හැකියාවක් නැහැ ’’ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වාරියපොල දී ප්‍රකාශ කළේය. 16 March 2026
යුද්ධය අතරතුර නෙදන්යාහු කෝපි කෝප්පයක රස බලයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මියගොස් හෝ තුවාල ලබා ඇති බවට පැතිර ගිය ප්‍රචාරයන් අසත්‍ය බව තහවුරු කරමින් ඊයේ (15) ඊශ්‍රායල අගමැතිවරයා අන්තර්ජාලයට වීඩියෝවක් උඩුගත කර තිබිණි. 16 March 2026
කුඩා දරුවන්ට ’’ඔන්ලයින්’’ ඉගෙනුම් එපා! වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන පන්ති පැවැත්වීම සහ ඉගැන්වීම් නොකරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මවුපියන්ගෙන් සහ අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 16 March 2026
මහාචාර්ය බන්දුල ජයතිලක රජරට කුලපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය බන්දුල ජයතිලක මහතා රජරට විශ්වවිද්‍යාලයේ දි සිය නව තනතුරේ රාජකාරි බාරගත්තේය. 16 March 2026
අල්ලසේ නිලධාරීන්ට වැඩි පඩි: යෝජනාව හෙට මැතිසබයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමේ අතුරු යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී හෙට (17) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය. 16 March 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026