රෝගී ආරක්ෂාවට ක්‍රියාකාරී සැලසුම් තුනක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව උදෙසා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් තුනක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 18 March 2026
අයර්ලන්ත අගමැති ධවල මන්දිරයේ අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය සමරග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. 18 March 2026
’’ මෙයාට පැනලා යන්න වෙනවා’’ රටට අනාගතේ මූණ දෙන්න වන ඇත්ත අර්බුද නොකියා ජනාධිපති සුන්දර කතා ගොතා කීමෙන් කිසිම යහපතක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (18) පැවැසීය. 18 March 2026
මන්ත්‍රීලාගේ තෙල් ගැටළුව මහ ලේකම්ට බාරදෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටළු විසඳීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 18 March 2026
ඉන්ධන බෙදීම ඔත්තේ ඉරට්ටේ අනුව QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. 18 March 2026
ලංගම බස් දෙකක් ගැටී හතරක් මරුට :12ක් රෝහලට හම්බන්තොට - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ අසලදී අද (18) දහවල් ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් සිව්දෙනකු මිය ගොස් 12 දෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 18 March 2026
අනවසරෙන් ඩ්‍රෝන යැව්වොත් වැඩ වරදී නිසි අවසරයකින් තොරව ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ගුවන් හමුදාව පවසයි. 18 March 2026
තාම කිව්.ආර් හදාගත්තේ නැත්නම් මෙන්න පාර රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. 18 March 2026
විදෙස් රැකියා වංචා කරුවන්ගෙන් ලක්ෂ 1945ක් යළි අය කර ගනී විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව පසුගිය වසරේ ඔක්තොම්බර් සිට 2026 වසරේ පෙබරවාරි දක්වා ගෙවුණු මාස 5 දී නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 18 March 2026
පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරනවා පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අවධාරණය කළාය. 18 March 2026
අර්බුදයට විසඳුම් හොයන සුබ සාධන කමිටුව රැස්වෙයි මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ’’විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබ සාධනය සැලසීම සඳහා වන කමිටුව’’ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී රැස් විය. 18 March 2026
ආසියා සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පාදක ණයක් 2026 වසර සඳහා ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2026
ලෝක තත්වය විවාදය හෙට අනිද්දා ලෝක තත්වය පිළිබඳ විවාදය හෙට(19) සහ අනිද්දා(20) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 18 March 2026
බදාදා දුම්රිය කාලසටහන මෙන්න බදාදා දිනයේ දුම්රිය ධාවනය කෙරෙන කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 18 March 2026
මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනයට මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2026
රිය අනතුරින් සෙබළා මරුට :අයෙක් රෝහලේ කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රදේශයේ සිට දන්දෙණිය මාර්ගයේ හේනක් කන්ද ප්‍රදේශයේ දී ඊයේ (17) සවස සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළු කර ඇති බව කෑගල්ල පොලීසිය පවසයි. 18 March 2026
සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 March 2026
‘‘සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුකම් හදාගන්න‘‘ සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව තුළ නොමැති බවට රජයේ රස පරීක්ෂක කාර්යාලය වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස් බෝදරගම මහතා ප්‍රකාශ කළේය. 18 March 2026
බණ්ඩාරගම වෙල් යායක ලොකු ගින්නක් බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පුරන් කුඹුරු වෙල්යායකවිශාල ගින්නක් හටගත් බව බන්ඩාරගම පොලිසිය සඳහන් කරයි 17 March 2026
බදාදා දුම්රිය ධාවනය ඉරිදාට සමානයි රට මුහුණදී සිටින ඉන්ධන ගැටලුවට පිළියමක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා ඉදිරි සෑම බදාදා දිනකම දුම්රිය ධාවනය ඉරිදා දිනයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (17) පැවසීය. 17 March 2026
ගෑස්-ගල් අඟුරු-ඉන්ධන ගන්න සාකච්ඡා සාර්ථකයි ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මිතුරු රාජ්‍යයන් සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට සාර්ථක වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී අද (17) පැවසීය. 17 March 2026
අභියෝගයට මුහුණ දෙන්න ආණ්ඩුවට ශක්තිය තිබෙනවා දිට්වා සුළි කුණාටුවේ අභියෝග වලට මුහුණ දුන් අයුරින්ම දැන් බාහිරින් එල්ල වී ඇති අභියෝගයට මුහුණ දීමට ශක්තිය ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 March 2026
ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් මරලා ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇතැයි පැවැසෙයි. 17 March 2026
බස්නාහිර අපරාධ මඩින්න නව දුරකථන අංකයක් බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 17 March 2026
කිව්ආර් ගැටලු විසදුවා ඉන්ධන සැපයුමේ අර්බුදය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමාකිරීම සඳහා හදුන්වාදුන් කිව්ආර් කේතයට සම්බන්ධ ගැටලු විසදා ඇති බවත් ලියාපදිංචි වාහනවලින් 10,000 ක පමණක් ගැටලුවක් පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා අද (17) පැවසීය. 17 March 2026
ආණ්ඩුව ගැටලු නිර්මාණ කරනවා වර්තමාන ආණ්ඩුව තුළ ඇති වංචාව, දූෂණය සහ උද්දච්චකම හේතුවෙන් ගැටලු නිර්මාණය කරගැනීමෙන් රට දරුණු අර්බුදයකට වැටී ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය. 17 March 2026
දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ජනාධිපතිට ලිපියක් ඉන්ධන සීමාකර ඇති තත්වය යටතේ මහජනතාව වැඩි ධාරිතාවකින් යුත් විශ්වාසනීය සහ පිරිවැය අඩු පොදු ප්‍රවාහන සේවය ලෙස දුම්රිය තෝරාගැනීම අනිවාර්ය බවත් එබැවින් ඉහළ යාහැකි මගී ඉල්ලුම සහ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දුම්රිය සේවය කඩිනමින් පුළුල් කළයුතු බවත් දන්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ. 17 March 2026
ඉන්ධන පිරිමසින්න අමාත්‍යංශ මට්ටමින් වැඩපිළිවෙළක් ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 March 2026
පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක කිව් .ආර් .කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළයි පවසමින් ඉන්ධන නිකුත් කිරීම අද (17) දහවල් අත්හිටුවීමට තෙල් සංස්ථාවේ බලධාරියෙක් විසින් පියවර ගෙන ඇත. 17 March 2026
අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 March 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026