රිය අනතුරින් අයෙක් මරුට: දරුවන් 4ක් ඇතුළු 6 ක් රෝහලට
දෙහිඅත්තකණ්ඩිය මහියංගන ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද උදෑසන හොබරියාව ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.