(නිමල් ප්‍රේමචන්ද්‍ර)
මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26 න් ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ඇත්තේ කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ බී.එම්.චනුදි පමෝද්‍යා බන්නැහැක සිසුවියයි.
ඇය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගෙන ඇත.
කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26 න් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාව 578 කි. ඉන් සිසුන් 485 ක් සිංහල මාධ්‍යයෙන් වන අතර සිසුන් 93 දෙනෙක් දෙමළ මාධ්‍යයෙනි.
චනුදි පමෝද්‍යාගේ පියා මහව ප්‍රාදේශීය මහලේකම් නදුන් සම්පත් මහතායි.
චනුදි පමෝද්‍යා සිසුවිය ඉගෙනීමේ කටයුතු වලට මෙන්ම ගායන,නර්තන, චිත්‍ර ,කථික යන අංශවලින්ද සුවිශේෂී දක්ෂතා දක්වන සිසුවියක් බව ඇගේ පංති බාර ගුරුතුමිය වන එච් .ඒ.එන්.එස්.පේමරත්න මහත්මිය පැවසුවාය.

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චනුදි කොබෙයිගනේ කප් ගසයි