තොරතුරු සන්නිවේදන විෂය අනිවාර්ය කිරීමට යයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයය පාසල් විෂය මාලාවේ අනිවාර්ය විෂයයක් බවට පත්කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 06 July 2017
ඊ.ටී.එෆ්. පරිගණක ජාලයම අක්‍රීයයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ඊ.ටී.එෆ්.) මණ්ඩලයේ සමස්ත පරිගණක ජාලයම අක්‍රීය වී තිබීම නිසා සාමාජිකයන්ට අදාළ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව අයදුම්පත් බාරගැනීම, චෙක්පත් නිකුත් කිරීම, සාමාජික තොරතුරු දැනගැනීම ඇතුලු සියලු කටයුතු අත්හිටුවා තිබේ. 06 July 2017
හොර ඩොලර් ව්‍යාපාරයක් පොලිසියට හසුවෙයි ව්‍යාජ ඩොලර් 100 යේ කොළ ඩොලර් බවට පත් කිරීම සදහා රැගෙන යමින් සිටියදී පේරාදෙණිය තානායම අසලදී සුඛෝපබෝගී මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2017
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි. 06 July 2017
සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර ලබාදුන්නේය. 06 July 2017
උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 06 July 2017
අල්ලස් ගත්තැයි කොස්තාපල් රිමාන්ඩ් රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු හෙට (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 06 July 2017
විදෙස් දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි නීති වීරෝධීව ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (6) කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි. 06 July 2017
ලක්ෂ 15 ක කේරල ගංජා පෑලියගොඩින් අල්ලයි පෑලියගොඩ කළු පාලම අසල ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබු ලක්ෂ 15 ක් වටිනා කේරල ගංජා කිලෝ 11 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පොලිසිය මගින් අද (6) අත්අඩංගුවට ගනු ලැබුහ. 06 July 2017
මරුවා ටිපරයෙන් එයි කොට්ටාව බොරැල්ල දෙපානම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් කාය වර්ධන උපදේශකවරයකු (38) නවතා තිබු කන්ටේනරයක ගැටී ඇද වැටීමෙන් ධාවනය වු ට්‍රිපර් රථයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි. 06 July 2017
අහුන්ගල්ල මාදැල් වරාය උණුසුම් වෙයි අහුන්ගල්ල මාදැල් වරායේ ධීවර පිරිසකට අයත් මාදැල් වාඩිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කිරීමට යෑමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත. 06 July 2017
ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති වරද පිළිගනී සිය වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(5) වරද පිළිගත්තේය. 06 July 2017
ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කින් තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2017
සාගරිකා දුම්රියට යතුරුපැදිකරුවකු බිලි මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියට අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි. 06 July 2017
ඩෙංගු නිසා පාසල් නිල ඇඳුමේ වෙනසක් පාසල් සිසුන් ඩෙංගු උණ රෝගයෙන් බේරා ගැනීම සඳහා පාසල් නිල ඇඳුම වෙනස් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 05 July 2017
අනතුරක් වළක්වා නොගත්තැයි සැරයන් අත්අඩංගුවට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පානදුර නවතා තිබූ මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටුණු පානදුර හිටපු මන්ත්‍රීවරයකු වන විමලනායක බාලචන්ද්‍ර මහතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 July 2017
සයිටම් විරෝධීහු නුගේගොඩට එකතු වෙති මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ රැලියක් අද(5) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 05 July 2017
ආපදාවකදී ජනතාව රැඳවීමට මධ්‍යස්ථාන 100 ක් හදිසි ආපදා අවස්ථාවක දී විපතට පත්වන ජනතාව රැඳවීම සඳහා රටපුරා රැදවුම් මධ්‍යස්ථාන 100ක් ඉදි කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 05 July 2017
ත්‍රෛනිකායික ප්‍රකාශය ගැන නැවත සිතන්නැයි දෙමළ සන්ධානය ඉල්ලයි නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය කුමක්දැයි වහාම රටට ප්‍රකාශ කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහාත අද(05) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. 05 July 2017
පොලිසිය හොයන රයන් ජයලත් සයිටම් විරෝධී රැලිය අමතයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මීට ටික වේලාවකට පෙර සයිටම්රැ විරෝධී රැලිය ඇමතීම ආරම්භ කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ වලට හානි කළැයි කියන සිද්ධියට සැකපිට ඔහු ද අත්අඩංගුවට ගැනීමට සොයනා බව පොලිසිය මුලින් කීවේය. 05 July 2017
අාපදා කළමනාකරණ පත්වීම් දීමේ උත්සවය අත්හිටුවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද (5) පැවැති කළමනාකරණ සහකාර පත්වීම් ලබා දීමේ උත්සවයක් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ නියෝග මත අත්හිටුවා එම පත්වීම් පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 05 July 2017
අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම් උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 05 July 2017
ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 05 July 2017
දුෂණ මර්දන කාර්යාලය ගැන ජනපති අප්‍රසාදය -රාජිත කියයි දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැඩි අප්‍රසාදය පළ කළ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
නීති කැඩීම විනෝදාංශයක් වෙයි දුමිරිය මාර්ග තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම රජය විසින් තහනමි කර තිබියදිත් ,විද්‍යුත් මාධ්‍ය සහ මුදිත මාධ්‍ය තුළින් කෙතරම් දැනුවත් වීම් කළත් එය ගණනකට නොගෙන සෙල්ෆි ඡායාරූපකරණයේ යෙදෙන පාසල් සිසුන් පිරිසක් වේයන්ගොඩ දුමිරිය ස්ථානයේ දී පසුගිය දිනක අපට දක්නට ලැබිණි. 05 July 2017
කෝටි 19 ක මුදල් වංචා හිටපු කළමනාකරු රිමාන්ඩ් රුපියල් කෝටි 19කට අධික චෙක්පත් මිලදී ගෙන මුදල් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමණාකරු ලබන 14 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය. 05 July 2017
ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරන්නැයි ඉල්ලති මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති . 05 July 2017
’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 05 July 2017
රට රැක දුන් විරුවනට ආශිර්වාද පතා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක් අගනුවර බෞද්ධ සංවිධානය එකමුතුව දේශය රැකදුන් රණවිරුවන් පවාදෙන ’’දේශිය යුධ අපරාධ පනත’’ පාර්ලිමේන්තුවට ගෙන එන තීරණාත්මක මොහොතේ දේශය රැකදුන් රණවිරුවන්ට ආශිර්වාද පතා මහ සඟරුවන සියක් නමකගේ පිණ්ඩපාත චාරිකාවක් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයෙන් අද (05) ආරම්භ කර පැවැත්විණි. 05 July 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026