පස්වරු 6.54
(අකිල බද්දේවිතාන)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මීට ටික වේලාවකට පෙර සයිටම්රැ විරෝධී රැලිය ඇමතීම ආරම්භ කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ වලට හානි කළැයි කියන සිද්ධියට සැකපිට ඔහු ද අත්අඩංගුවට ගැනීමට සොයනා බව පොලිසිය මුලින් කීවේය.
පස්වරු 6.37
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා රැලිය අමතයි.
පස්වරු 6.29
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දිනුක සපුතන්ත්‍රි රැලිය අමතයි.
පස්වරු 6.26
අලුත් පරපුර සංවිධානයේ සුදන්ත මාධව මහතා රැලිය අමතයි.
පස්වරු 6.04
අන්තරේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්ධුමගේ රැලිය අමතයි.
පස්වරු 5.57
මාධ්‍ය සේවක වෘත්තී සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මහතා රැලිය අමතයි.
පස්වරු 5.49
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා සභාව අමතයි.
පස්වරු 5.43
ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා රැලිය ඇමැතීය.
පස්වරු 5.37
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා රැලිය අමතයි.
පස්වරු 5.27
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා රැලිය අමතයි.
පස්වරු 5.20
එක්සත් සමාජවාදී පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා මහතා රැලිය අමතයි.
පස්වරු 5.11
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සභාව අමතයි.
පස්වරු 5.03
ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා රැලිය අමතයි.
පස්වරු 4.48
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතයි.
‘‘ජේආර් ජයවර්ධනට එදා සිද්ධ වුණා ජනතාවට සවන් දෙන්න. මේ සටන මොට කරන්න හිතන් ඉන්න උදවියට කියනවා වෛද්‍ය සභාවේ බලය උදුරා ගන්න දෙන්නේ නැති බව. සයිටම් විරෝධී අරගලයට අපේ සහාය දෙනවා.‘‘
පස්වරු 4.41
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සභාව ඇමැතීය.
පස්වරු 4.30
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය චන්දන ජයකොඩි මහතා සභාව අමතරයි.
පස්වරු 4.24
ලංකා වෙළඳ කාර්මික සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා සභාව අමතයි.
පස්වරු 4.17
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රැලිය අමතයි.
තව සතියකින් අවසන් සටන ආරම්භ කරන බව වෛද්‍යවරයා කියයි.
පස්වරු 4.08
ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ සයිටම් විරෝධී රැලිය අමතති.
පස්වරු 4.03
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රැලිය ඇමතීම ආරම්භ කළේය.
අධ්‍යාපනය විකිණීමට එරෙහි වන බවත්, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බවත් ඔහු කීවේය.
පස්වරු 4.00
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ රැලිය අමතති.
පස්වරු 3.55
සයිටම් විරෝධී රැලියට විශාල පිරිසක් සහභාගී වී ඇති නිසා නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ වාහන ගමණාගමනය නැවතී ඇත.
නුගේගොඩ නගරයේ දැඩි වාහන තදබදයක් පවතී.


(ඡායාරූප අඛිල බද්දේවිතාන)
පස්වරු 3.50
(අකිල බද්දේවිතාන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කෙරෙන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවේදී ආරම්භ විය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත, චාපා බණ්ඩාර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගී වීසිටිති.
හැඩිගල්ලේ විමලසාර හිමි, බද්දේගම සමිත හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා රැසක් ද සහභාගී වී සිටිති.




පස්වරු 3.40
සයිටම් විරෝධී පාගමන් තුනම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවට පැමිණියේය. සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටිති. තව ස්වල්ප වේලාවකින් සයිටම් විරෝධී රැලිය ආරම්භ කෙරේ.
පස්වරු 3.25
නුගේගොඩට එකතු වූ පෙළපාළි තුන ආනන්ද සමරකෝක් එළිමහන් රංග ශාලාව වෙත ගමන් කරයි.

පස්වරු 3.20
පෙළපාළි තුනම නුගේගොඩ නගරයේදී එකට එකතු විය.
පස්වරු 3.09
කිරුළපොනින් සහ විජයාරාම මංසන්ධියෙන් ඇරැඹුණු පාගමන් දෙකම නුගේගොඩ නගරයට ළඟා වේ.

පස්වරු 3.05
නුගේගොඩ ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

(අකිල බද්දේවිතාන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුව බල කරමින් පාගමන් තුනක් අද දවග් ආරම්භ විය.
එක් පාගමනක් විජයරාරාම මංසන්ධියෙන් ද, තවත් පාගමනක් කිරුලපොණින් ද, තවත් පාගමනක් කළුබෝවිල මංසන්ධියෙන් ද ආරම්භ වූ අතර ඔවුහු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨය දක්වා ගමන් කරති.


(ඡායාරූප - අකිල බද්දේවිතාන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනි, බුදුහාමුදුරුවෝ යසකුල පුත්‍රයාට කිව්වෙත් අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන එක වඩා උතුම් කියා... ඉතින් දරුවනේ ඔයගොල්ලොත් සයිටම් එක අතහැර තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න.
මේ ගොල්ලෝ කොහෙද හිටියේ මේක පටන ගන්න යනකොට? එතකොට විරුද්ධ නොවුණු අය ඇයි දැන් විරුද්ධ? එ්කෙන්ම පේනවා කගේ වුවමනාවටද මේ ගොල්ලෝ මෙහෙම කරන්නේ කියලා....
මේ රටට වින්නැහි කරන බුද්ධාගමට සහ රණවිරුවන්ට නොගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න ආණ්ඩුව ට්‍රයි කරනවා. ජ.වි.පෙ. එකට සහ පෙරටුගාමී එකට ඒවා ගැන වගේ වගක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ අර ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය විනාශ කරන්න. බොරු උද්ඝෝෂණ කරලා දේශපාලන වාසි ගන්න. ජී.එම්.ඕ.ඒ. එකට ඕනේ තමන්ගේ "ප්‍රයිවෙට් ප්‍රැක්ටිස්" එකට එන තරඟ කරුවන් නවත්වා ගන්න.
නිකම් පෙළපාලි ගිහිල්ල කෑ ගහලා වැඩක් නෑ. අද ලංකාවේ ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම, තෘතීය අධ්‍යාපනය පුද්ගලික ආයතනවලින් ලබා දීම ගැන පක්ෂවයි සිටින්නේ. ඔබතුමා පමණක් නොව, ඔය "අන්තරේ" කියන සංගම් වැනි අය කල යුතුව තිබෙන්නේ, පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධව වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා..., මහජන ඡන්දයකට ඉදිරිපත් වී, මහජන වරමක් ලබාගෙන මේ දේවල් වෙනස් කිරීමයි. එ්කයි ප්රජාතන්ත්රවාදී පිළිවෙත... නිකම් බොරු සටන් පාට උස්සගෙන පාරවල් ගානේ ඇවිදීමෙන් හෝ, අට්ටාල උඩ නැගීමෙන් මෙවැනි දේ වෙනස් කල නොහැකිය.
ඒක හරි, ඔය නෙළුම් පොහොට්ටුව තියෙන්නේ ඒක ට බැරියැ පුද්ගලික විද්‍යාල, කැම්පස්වලට විරුද්ධව ඡන්ද ඉල්ලන්න...
සටන මොට වෙන්නේ මේ වගේ දේශපාලකයෝ නිසාය. එදා සයිටම් හොඳයි. අද වෙද්දී සයිටම් විරෝධී සටන ජනතාව වැළඳගෙන තිබෙන නිසා දැන් හදන්නේ මෙතනත් දේශපාලනය කරලා සටන මොට කරන්නම තමයි.
සයිටම් එක ඉස්සරහට දමලා, සුදුසුකම් ඇති දරුවන්ට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇති ඉඩකඩ අහුරනු වෙනුවට, දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති ප්‍රමිතිගත ආයතනයක් වන කොතලාවල වෛද්‍ය පීඨයේ ශ්‍රී ලාංකික සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දෙන්න. එවිට සයිටම් ආයතනය ගැන සුදුසු තීරණයක් රජයට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගන්න පුළුවන්.
දිනේෂ් මහත්තයෝ ..ඔය ගොල්ලන්ගේ ආණ්ඩුව ඕක ගේන කාලෙම ඕකට විරුද්ධ වුණා නම් කොච්චර හොඳද? දැන් බල තණ්හාවටනේ ඔය කෑගහන්නේ.....
ජීවිතේ අවසන් කාලය ලංවෙන කොට පුතාටත් වලිගේ පෑගිලා වගේ.. !!!
මේ ආණ්ඩුව අනාගන්න වගේ හදන්නේ ..
මෙතුමා විශ්ව විද්‍යාලයට එන්නේ හොඳ වාහනයකින්නේ...
සයිටම් එකට විරුද්ධව මේ මහත්තයා කතා කරන්නේ කොහොමද?
මේ අය හිතනවානම් '80 ගණන්වල මෙන්, පෙළපාලි යාමෙන් රජය බිය වැද්දිය හැකි කියා, එය මුලාවක් පමණයි. මේ අය හොඳින් වටහා ගත යුතු දෙය නම්, වර්තමාන දේශපාලන වාතාවරණය '80 වලට වඩා බොහෝ වෙනස් අතර, අද රජයක් පෙරලිය හැක්කේ මහජන ඡන්දයකින් පමණක් බවයි.
මේ කරන පටු දේශපාලනය බුද්ධිමත් ජනතාවට අවබෝධ කර ගැනීමට අපහසු නැහැ. සයිටම් පිළලය සමාජ ගත කරලා ඒක පිළිකාවක් බවට පත් කලෙත් මේ අයම තමයි. අපේ රටේ ප්‍රශ්න විසඳිය හැකි දේශපාලනනායකයින් නැහැ. ලෝකයේ දියුණු රටවල් පසෙක තබා, අතීතයට සාපේක්ෂව, වර්තමානයේ දකුණු ආසියානු රටවල් අද සිටින්නේ කොතන දැයි සොයා බලා, ඔවුන්ගෙන් යමක් ඉගෙනගෙන ඉදිරියට නොගියොත්, මේ රට දකුණු ආසියාවේ තිබෙන නොදියුණු සහ නූගත් ගෝත්‍රික ජනතාවක් වෙසෙන රට බවට පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත.
ඡන්ද පදනම ලක්ෂ 5ක් වත් පක්ෂ කිහිපයක් ඇරෙන්න..., රටේ ප්‍රධාන පක්ෂ තුන වන එ.ජා.ප.ය, ශ්‍රී.ල.නි.ප.ය සහ ද්‍රවිඩ සංධානය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පක්ෂයි. මෙවැනි පක්ෂ වලට රට අවුල් කිරීමට ඉඩ නොදීමට රටේ බහුතර ජනතාව වගබලාගත යුතුයි.
මේ පුද්ගලයා කොහොමත් කලින් ආණ්ඩුව පැත්තේ තමයි හිටියේ... ඒත් දැන් මේ අයව ගණන් ගන්නේ නැහැ...
විරෝධය දක්වන එක පක්ෂයක නායකයා ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ , දරුවෝ ඉගෙන ගන්නේ එහෙ ,
පිස්සු පූසෝ ඉරිසියාවට ඥාව් ගෑවට ගණන් ගන්න ඕන නැහැ. සුදුස්සාට නිසි තැන ලැබිය යුතුයි. Saiatm ළමයි වෙන රටකට ගියොත් තැන ලැබෙනවා. ඇයි තමන්ගේ උපන් රටේ ගන්න බැරි? ඒක කොච්චර අසාදාරණද?
මේ ආණ්ඩුවට ශක්තිය ලැබේවා. තව තවත් වෛද්‍ය විද්‍යාල බිහිවේවා.!!!
සයිටම් ආයතනය තුල ඉගෙන ගන්නේ ලාංකිකයෝ..
ජෝෂෆ් ස්ටාර්ලින් මොකද වෛද්‍ය විද්‍යාල වහන්න කතා කරන්නේ....? ඊට කලින් ජාත්‍යන්තර පාසල්, ටියුෂන් පන්ති, අනිත් පෞද්ගලික උපාධි නවත්වන්න කතාකරන්න ඕනෑ අවංක නම්. මේක නම් බොරු ප්‍රෝඩාවක්... අපේ වෙලාවයි, සල්ලියි නාස්තිකරන දේශපාලන ප්‍රෝඩාවක්..
ඉතින් පොලිසිය හොයමින් හිටපු කෙනා උස්සන් ගියාද? ඔය සයිටම් එකට "අප්පච්චි" කම දීපු අයගේ පළාත්වල, ඔවුන්ගේ මාලිගා ඉස්සරහ උද්ඝෝෂණ, හර්තාල් දාන්න තරම් මේ කොල්ලන්ටත්, ඒ අයට උඩගෙඩි දී පාරට ඇද දමන්නන්ට කොන්දක් නැද්ද කියා ඇසීමට කාලය පැමිණ තිබෙනවා නේද?