(නිමන්ති රණසිංහ)

රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු හෙට (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

කැලි කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීමට චීන සමාගමකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට පොලිස් මූලස්ථානයේ ඇති පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමට අදාළ කොස්තාපල්වරයා පොලිස් පරීක්ෂකගෙන් අල්ලස් ලබාගෙන ඇතැයි කියමින් නඩු පවරා ඇත.

කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස සේවය කරන අභයසිංහ මුදියන්සේලාගේ නෝමන් අබේසිංහ යන සැකකරු එසේ රිමාන්ඩ් කෙරිණි.