(ඩයනා උදයංගනී,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
වැරදි යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන උමග ඉදිකිරීම මෙම ගැටලූවට හේතුව බව විදේශීය විශේෂඥයින් පැමිණ කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි කී අමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ විට පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද හා බලය භාවිතා කර අවශ්‍ය පුද්ගලයින් කැඳවා මේ ගැන සොයාබැලිය හැකි බව ද සඳහන් කළේය.
මේ වන විටත් විශාල මුදලක් වැය කර ඇති උමා ඔය ව්‍යාපෘතිය එක්වරම නැවැත්විය නොහැකි බව ද එයින් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී නිවැරදි තාක්‍ෂණය යොදාගෙන ගැටලූව විසඳිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද(6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ගැටලූව ගැන සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ ලොයිරේ ගංගාවේ වේල්ලක් නිසා සිදුවන පරිසර හානිය සහ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳව දිගු කාලයක් සිදුකළ සටනකින් පසුව එම වේල්ල ඉවත්කිරීමට ප්‍රංශ රජය තීරණය කළේය. ව්‍යාපෘතියට කෝටි ගණනක වියදමක් කර තිබුණත් ඒ වියදමට වඩා පරිසරයට සිදුවන හානිය ගැන ප්‍රංශය සැලකිලිමත් විය. තායිලන්තය ලෝක බැංකු ණයක් රැගෙන සිදුකළ විශාල ව්‍යාපෘතියක් වන පාක් මුන් ගංගාවේ දැවැන්ත වේල්ලෙහි වාන් දොරටු හැර දමා ගංගාව යළි ප්‍රතිස්ථාපනය කළේ එම ගංගාවේ වේල්ලක් තනා වසා දැමීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට සහ පරිසරයට විශාල හානි සිදුවන බව හඳුනාගැනීම නිසාය. ලෝකයේ පරිසර පද්ධති ගැන මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ගැන සිතා නැවැත්වූ දැවැන්ත ව්‍යාපෘති ඕනෑතරම්ය. එබැවින් උමා ඔය ව්‍යාපෘතියද නැවැත්විය හැක.
මේ හා සමාන දෙයක් කොත්මලේ උමඟේ කාන්දු වීමක් නැසීගිය කුලසිංහ මහතාගේ උපදෙස් පරිදි පිළිසකර කල බව මට මතකයි 1990 ගණන්වල... මෙය පිළිසකර කරන්න පුළුවන්. ටනල් රිලයිනින් ක්‍රම බොහෝ රටවල භාවිතා කරනවා. ගංගා යටින් පවා උමං තනන්න පුළුවන්.මෙය පිළිසකර කරන්න පුළුවන්.
ඉතින් මහත්තයෝ,...ඒ කාලේ ඔයත් ඇමති කෙනෙක් නේද?
මේ පළාත අරාබිය වගේ වේලිලා යනකම්ම තේරීම් කාරක සභා තියමින් ඉන්න..
එක පාරටම තේරීම් කාරක සභාවක් පත් කරන්නේ නැතිව, තේරීම් කාරක සභාවක් පත් කල යුතුද නැද්ද කියලා හොයාබලන්න කොමිසමක් පත් කලානම් හොඳයි.
මේක ඉතින් හරියන රටක් නෙවෙයි වගේ...