කල්ලාරු ඇතාගේ දළ විකුණන්න ගිය තිදෙනාටම දඩ
කල්ලාරු ඇතාගේ දළ යුගළ රුපියල් ලක්ෂ පනහකට අළෙවි කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා චෝදනා වලට වරද පිළිගැනීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ ගෙවන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියම කළේය.