(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් අද (22) උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටීමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුවූ අතර බිම් මාලයේ නවතා තිබූ මෝටර් රියකටද සුළු වශයෙන් හානි සිදුවිය.
පළමු මහලේ ආරක්ෂක වැටේ කොටසක් හා එහි බැම්මද කැඩී ගිය අතර මෙම අනතුරෙන් කිසිවෙකුට හෝ හානියක් සිදු වී නැත.
මෝටර් රිය බිමට ඇද වැටුණේ නම් විශාල හානියක් වීමට ඉඩ තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීය.මෝටර් රථයට ආරක්ෂක වැටෙන් පහළට වැටීමට ගිය හේතුව අනාවරණය වී නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ්ඩුන්ගෙන් පොහොසත් උනාට මදි. ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ යකඩ වැටවල්, තාප්ප වල ප්රමිතිය ගැන නැවත සිතා බැලිය යුතුයි.
හයිබ්රිඩ් කාර් එකක් නේද? ඔටෝ ස්ටාර්ට් වෙන්නැති. අමතක වෙලා ලොක් කී දාලා ද ගියේ.
වැටේ හයිය පේනවා නේද? ඒවා හදල තියෙන්නේ පෙනුමටද නැත්නම් සැබවින්ම ආරක්ෂාවටද කියලා අහන්න තමා වෙන්නේ.
හේතුව අනාවරණය කරන්න දෙයක් නැහැ. රිවස් එකට කියලා හිතාගෙන ඩ්රයිව් එකට දාලා ඇක්සලේටර් එක පාගපුවාම වෙන්නේ ඕක තමයි.
පදවපු කෙනා කාන්තාවක් ද?
වාහනේ ඉස්සරහ පැත්ත වැදිලා තියෙන්නේ. රිවර්ස් එකට දාල කොහේ යන්නද?
ලඟ තියෙන ත්රී වීල් එක ගැනසැකයි. වැට නියමයි