(කාංචන කුමාර ආරියදාස )
දිය පිපාසාවෙන් ගම්වදින වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයින් තිදෙනෙකු කණ්ඩලම වැව් ඉස්මත්තේ මුවෙකු ඝාතනය කොට මස් කරමින් සිටියදී දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා සතුව තිබී වයස අවුරුදු එකහමාරක් පමණ මරා දැමුණු මුවෙකුගේ සිරුරක් , පිහි කිහිපයක්, ගිනි අවියක් , විදුලිපන්දම් කීපයක් සහ ජීව උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දඹුල්ල කලෝගැහාල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මේ දිනවල පවතින දැඩි නියඟ තත්ත්වයත් සමග දියකඩිති වලට පැමිණෙන වනසතුන් මරා කිලෝවක් රුපියල් 1,500 බැගින් මස් අලෙවි කරන බවයි.
සැකකරුවන් සහ ගිනිඅවි දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
ඡායාරූප කාංචන කුමාර ආරියදාස



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර බොන්න පැමිණි මේ අහිංසක සතා මරාගෙන මුදල් කරන්න තරම් මේ පාපතරයන් මොකට මිනිස් ආත්ම ලැබුවාද ..?
කන වෙලාවට සතෙකුටවත් හිංසා කරන්නෙ නැති ජාතියක්, සතෙකුටත් අන්ත වෙලා..