( ඩි.කේ.රත්න )
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ජනතාවට දිනපතාම පානීය ජලය ලබාදෙන බවුසර් හා ට‍්‍රැක්ටර් බවුසර්වල හිමිකරුවන් හා රියදුරන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ජලය බෙදාහැරීම වෙනුවෙන් මෙම බවුසර් රථ සදහා ලබාදීමට නියමිත මුදල් මාස තුනක පමණ කාලයක් නොගෙවීම නිසා මෙම බවුසර් රථ සේවයේ නොයොදා එම බවුසර් රථ බණ්ඩාරවෙල කිණිගම ක‍්‍රීඩාංගණයේ ගාල්කර මෙහි සේවකයෝ වැඩ වර්ජනයේ යෙදෙති.
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පානීය ජල ළිං සහ ඇළදොල සිදීයාම නිසා ප‍්‍රදේශවාසී ජනතාවට උමාඔය සහන කාර්යාලය මගින් බවුසර් මගින් පානීය ජලය දිනපතාම ලබාදුන් අතර බවුසර් රථ හිමියන් සහ බවුසර් රියදුරන් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතවීම නිසා ප‍්‍රදේශවාසී ජනතාවද දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දෙන්න බලය. රටේ හදවත් අද වේලිලා , දැන් සමහර විට සමන්ත විද්‍යාරත්නව සොයාගෙන එයි.
හරියට හරි අතුලගේ කතාව, අපේ මිනිස්සුන්ට ජවිපෙ මතක් වෙන්නේ මෙහෙම උනාම තමයි, ජන්දේ දවසට පෙන්නේ ලෝක හොරුම තමයි.
පහුගිය ඡන්දෙදි ජවිපෙ එක උමාඔයෙන් ගොඩයන්න හැදුවා. ඡන්දෙන් පස්සේ කතාවක්වත් නැහැ.