(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ පෙරේදා (20) ඇති වූ කැරැල්ලට සම්බන්ධවූ සහ එය මෙහෙය වූ බවට සැක කරන කාන්තා රැඳවියන් 61කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
ප්‍රකෝපකාරී ලෙස හැසිරීම, රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම, නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කොට තුවාල කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම කණ්ඩායම බන්ධනාගාර විශ්චය මණඩලයක් හමුවට පමුණුවන බවද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ලංකාදීප යට ඊයේ (21) පැවසීය.
මෙම කාන්තා රැඳවියන් සිරවාට්ටුවලින් එළියට පැමිණ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් මිරිස් වතුර මෙන්ම ජල හා මුත්‍රා ප්‍රහාර පවා නිලධාරීන්ට එල්ල කර ඇතැයි ද ඔහු කීය.
වහල මත නැග විරෝධතාවයේ යෙදී සිටි කාන්තා රැඳවියන් වහලේ උළු ගලවා නිලධාරීන්ට පහර දීම නිසා 8 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
මෙම ගැටුමේදී තුවාල ලැබූ කාන්තා රැඳවියන් තිදෙනා කාන්තා රෝහල් වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, එම තිදෙනාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙහෙල්මලටම හොට දාන මානව හිමිකම් ඩොලර් කාක්කන්ගේ විරෝධතා ගණන් නොගෙන කළයුත්ත කරන්න. මට බය, ඉහලින් අණක් එයිද කියලා එපා කියලා.
අධිකරණයට රපොර්තු කරලා දඬුවම් දුන්නනම් කාටවත් කට අරින්න බැහැ. එන්ජිඕ කාරයෝ කට වහගනියි.