(අනීෂා මානගේ)
අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය අද (22) උදෑසන තංගල්ල ජයසිරි මල්ශාලාවේ සිට මැදමුලන නිවස වෙත රථ පෙරහැරකින් ගෙන එනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ(21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවිය.
අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සදහා දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් මැදමුලන නිවස වෙත පැමිණි ආකාරය දක්නට හැකි විය. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු ලබන 25 දින පස්වරු 2.00ට පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
වීඩියෝ
ඡායාරූප අනීෂා මාන්නගේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි.
මම හිතාගෙන හිටියේ සහෝදර සමාගම හතර දෙනෙක් කියලා. මෙයා කොහෙද හිටියේ ?. මොනවද කලේ ?
චන්ද්‍රා රාජපක්ෂ මහතාට නිවන් සුව අත්වේවා !!