74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ, නිදහස් චතුරස්රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත් හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි.