IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධ්‍යම අධිවේගය වැඩ අධිවේගයෙන්

(තිලකරත්න දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදු වන බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23 ක් උසැති කුලුනු මතින් ඉදිවන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37 කින් යුත් කොටසෙහි කිලෝ මීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදි කෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා  පැවසීය.

කඩවත - මීරිගම කොටස අතර අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විත වන අතර එය ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙන් ඉදි කෙරේ.

ඉදිරි වසර දෙකක කාලය තුල කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති බව සදහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා , මේ සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ ලබාගත් රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන බවද කීය.

මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබයි.

කඩවත - මීරිගම කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වූ පසුව ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල සිට කුරුණෑගල දක්වා සෘජුව ගමන් ගැනීමට හැකි වනු ඇත.

 



අදහස් (5)

මධ්‍යම අධිවේගය වැඩ අධිවේගයෙන්

Pradeep Kumara Friday, 18 February 2022 11:54 AM

රටේ කෘෂිකර්මය, අනෙකුත් දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් සියල්ල කඩා වැටී සාමාන්‍ය ජනතාව අසීරුවෙන් දිවි ගෙවද්දී අපි තව තවත් අධිවේගී මාර්ග හදමු. ජනතාව කුසගින්නෙන් මියැදුණත් ලෝකයාට අපේ සංවර්ධනය පෙන්වමු...!!!

:       53       24

කසුන් Friday, 18 February 2022 01:26 PM

ගම්පහ දකුණ අධිවේගී හුවමාරුව අහෝසි කලේ ඇයි? ඒ නිසා මෙය විවෘත කලපසු ගම්පහ උතුර හුවමාරුවට ආසන්නව ඇති යක්කල පාර , කොළඹ පාර සහ සෙසු ආසන්න ලොකු කුඩා මාර්ග වාහන තදබදය නිසා ඇහිරේවි. එම ආසන්නයේ ප්‍රධාන පාසල් කිහිපයක්ම ඇති නිසා දැනටමත් පාසල් වේලාවන්හී මාර්ග ඇහිරෙනවා...

:       5       16

ජානක. Friday, 18 February 2022 07:42 PM

ඉක්මණින් වැඩ නිමකරන එක ගොඩක් හොඳයි. මීරිගම වහන තදබදය එතෙක් පවතිනු ඇති. වේයන්ගොඩ අන්තර් හුවමරුව වැටෙන ස්ථානය සඳහන් කරන්න.

:       0       18

rohana Sunday, 20 February 2022 08:11 AM

මාර්ගය හැකිතාක් සම මට්ටමේ පවතින ලෙස හදන්න. මීරිගම - කුරුණෑගල කොටස කිසිම ලෙවල් එකක් නෑ. මේ නිසා ඉන්ධන වියදම වැඩියි. වේගසීමාව පාලනයට බෑ. බලධාරින් දකිත්වා..!.

:       0       2

Sunil Perera Wednesday, 23 February 2022 07:42 AM

හම්බන්තොට සිමෙන්ති බැර කර්මාන්ත ශාලාව ගොඩනගන්න වියදම් වෙලා තියෙන්නේ ඇ.ඩො. මිලියන 100යි. මේ පාරට බිලියන 159යි. ඔබ කල්පනා කර බලන්න මෙවැනි කර්මාන්ත ශාලා කීයක් හදන්න පුළුවන්ද මේ මුදලින්...? මේ තරම් ඩොලර් හිඟයක් තියන වෙලාවේ මේ මුදල විවිධ වූ කර්මාන්ත සඳහා ආයෝජනයට යෙදුවා නම් කොපමන අගේද​..? මේ හා සමාන කර්මාන්ත 159ක් හදන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site