(කාංචන කුමාර ආරියදාස)
යාපනයේ බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රූට් කිලෝවක තොග මිල රුපියල් 350ක පැවති අතර අද දින වන විට කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබේ.
ඊට සමගාමීව ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු වර්ගවල ද වැඩි වීම්ත් සමග එළවළු මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පෙන්වා දෙති.
පසු ගිය මාසයේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.
බීට් රූට් මෙම මිල යටතේ පැවතිය හොත් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බවද සඳහන් කළ අතර බීට්රූට් අස්වැන්න යාපනයේ ගොවීන් නෙලන අවස්ථාවේදී පාකිස්ථානයෙන් මෙරටට හොර රහසේ බීට්රූට් ගෙන්වීම නවතා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එළවළු මිල සියයට 40කින් පහළට
යෝගා Sunday, 06 February 2022 01:28 PM
රසායනික පොහොර නොදැම්මා කියලා උතුරේ අස්වැන්න අඩු වුනේ නෑ කියන්න හොඳ උදාහරණයක්... දකුණේ අය ගොවිතැනටත් දේශපාලනය ගාවාගෙන...
පැරකුම්Sunday, 06 February 2022 02:01 PM
යෝගා හොඳින් දන්නවා ඇති ඵලදාව ගෙනඑන ලොරි වලින්ම කොළ පෝර ලෝඩ් පිටින් උතුරට ගෙනියන විත්තිය. ඒ නිසා කාබනික වගාව උතුරට අමුතු දෙයක් නොවෙයි. එහේ තියන නිසරු හුණුගල් පසේ බෝග වගාකරන්නේ එහෙමයි. ඒකට කොයිතරම් මහන්සියක් වෙනවාද? ඒකට දකුණේ ගොවියන්. සේරම ආණ්ඩුවෙන් කරලා දෙනකන් බලා ඉන්නවා....!
fairoosSunday, 06 February 2022 07:25 PM
එහෙනම් අපි ඉතින් තොග පිටින් එළවලු මිලදී ගනිමු. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු...
sene Sunday, 06 February 2022 04:18 PM
ඔය මිල කඩෙන් ඇහුවාම පත්තරෙන් නැත්නම් බන්දුලගෙන් ඉල්ලාගන්න කියනවා.
Chaminda Sunday, 06 February 2022 06:05 PM
කාබනික පොහොර යොදාගෙන වී වගාව සාර්ථකව කරන්න අපහසු නැහැ. නමුත් අපි වී වගාවට යෙදුවේ යූරියා මිශ්‍ර කාබනික පොහොරක් අපිට නම් වගාවෙන් අලාභයක් නැහැ. අපි ඉතින් වවන්නේ කෑමට පමණයිනේ...
uk ran Sunday, 06 February 2022 06:43 PM
ගොවිජන සම්මේලනය කියන ජවිප අවස්ථාවාදීන් නිසා සිංහල ගොවියා අසරණ වුණා. ඕක තමයි ලංකාවේ අවස්ථාවාදී දේශපාලනය.. ඔවුන් කවදාවත් කැමැති නෑ රට දියුණු වෙනවට...!
desilva Sunday, 06 February 2022 08:28 PM
පත්තරේ ඔය මිල තිබුණට කඩේ ඕවා නැහැ.
නිමල්Sunday, 06 February 2022 08:50 PM
ඒක නම් ඇත්ත....!