IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වනජීවි මාමලාගේ කරෙන් කිලෝ මීටර් තුනක් ආ අලි පැංචා

(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කිලෝමීටර් තුනක් දුර කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දුන්හ.

දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත් ඇත.

මෙම අලි පැංචා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.



අදහස් (7)

වනජීවි මාමලාගේ කරෙන් කිලෝ මීටර් තුනක් ආ අලි පැංචා

Lakshan Sunday, 13 February 2022 07:52 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...

:       0       26

Lalith Sunday, 13 February 2022 08:57 AM

ඇහැට කඳුලකුත් ආවා ඡායාරූපය දැකලා...!

:       1       28

Karunarathna Gampola. Sunday, 13 February 2022 09:06 AM

වනජීවී මාමලාට බොහොම පින් සිදුවේවා...! සසරගත කුසල කර්මයක් මේ තිදෙනාටම බලපාන්න ඇති. සුවපත් වේවා...!

:       1       23

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 February 2022 09:55 AM

අනේ මේ අහිංසක පුංචි සතාගේ දුක දැක ඒ සතා බේරාගත් වනජීවී නිලධාරී මහත්වරුන්ට හා ගම්වාසීන්ට බොහෝමත්ම ස්තූතියි.

:       1       38

නිමල් Sunday, 13 February 2022 10:06 AM

මාමලා අලි පැටියව ආපහු රැලට බාර දුන්නොත් ගොඩක් වටිනවා. ප්‍රායොගික පැත්ත ලේසිද අමාරුද කියලා අපිට අවබෝධයක් නෑ. හැබැයි ආපු අලි පැටවුන්ට ආයේ යෑමක් නම් නෑ...

:       4       19

Wedige Sunday, 13 February 2022 10:27 AM

මේ අලිපැංචාගේ ජීවිතය බේරාදුන් නිලධාරින්ටත්, ගම්වැසියන්ටත් ආචාර කරන්න...

:       0       27

සමනලයා Sunday, 13 February 2022 04:22 PM

අනේ අම්මපා මේ වනජීවී එකේ කොල්ලො කරන වැඩ... පස්ස පැත්තට දෙකක් දීලා, මූණ ඉඹින්න හිතෙනවා...

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 248 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site