IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


හරිත කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හමුදාවට පුහුණුවක්

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා  පුහුණුවීම් කටයුත්ත අද ( 18)  ආරම්භ කළහ .

කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක මෙම පුහුණු වැඩසටහන නාලන්ද   කෘෂිකර්ම පුහුණු  බිජ ගොවිපලේදී ඇරැඹිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ  හරිත  කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ  111 වැනි පාබල බල සේනා සේනාවේ සේනාකාධිපති   බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.

ඒ අනුව  බ්‍රිගේඩියර් වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපලේදී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.



අදහස් (7)

හරිත කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හමුදාවට පුහුණුවක්

කිරි පුතා Saturday, 19 February 2022 10:09 AM

ඇත්තටම යමක් කිරීමේ හැකියාව තියෙන්නේ හමුදා පුහුණුව ලද පුරවැසියන්ට වග නැවත නැවත ඔප්පු වෙමින් පවතිනවා. අනෙක් බොහෝ අය වැඩක් නොකිරීමට ක්‍රමවේදනේ හොයන්නේ... සෘණ ආකල්ප මයි තියෙන්නේ... අනෙක තමයි මුල් බැසගත් දේශපාලන පක්ෂ රෝගය...!

:       19       22

de silva Saturday, 19 February 2022 02:46 PM

හමුදාව කෘෂි කර්මාන්තය පාලනය කරන නිසා ලංකාවේ සිටින රජයෙන් වැටුප් ලබන ගොවිජන සේවා නිලධාරීන් වැනි නිලධාරින් අනවශ්‍ය නිසා ඔවුන් වෙනත් රාජකාරි වලට අනුයුක්ත කරනවද? කරුණාකර මේ විකාර නවත්වන්න. ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න. රජයේ ගොවිපළවල හෝ හමුදා කඳවුරු තුළ හමුදාවට අවශ්‍ය නම් වගා කරන්න.

:       11       19

sampath Saturday, 19 February 2022 11:20 PM

ගොවියා තරම් ගොවිතැන ගැන දන්න කෙනෙක් නෑ. හැමෝම එකතු වෙලා ගොවියාට සහාය වෙන්න. ධීවරයා, ගොවියා, කම්කරුවා තමතමන්ගේ වැඩේ කරයි. ඒවට අවශ්‍ය පහසුකම් එහෙම දෙන්න අමාරුනම් බාධා නොකර ඉන්න. හරිත කෘෂිකර්මය 20%ක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්... ලෝකයේ නොකරපු දේවල් අපි අත්හදා බලලා මිනිස්සු සාගතේකට ඇදලා දාන්න බැහැ.

:       5       3

යෝගා Sunday, 20 February 2022 05:08 PM

ඒ 20% පොහොසතුන්ට, ඉතුරු 80% දුප්පතුන්ට. එහෙමද ඕනෑ?

:       1       6

sebala Sunday, 20 February 2022 01:14 AM

අපේ රටේ වැඩිපුර සිටින්නේ කෘෂිකර්මයට සම්බන්ධ උපාධිය ඇති, උපාධි දාරීන්ය. ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන කරන මේ වැඩ නිසා රටට වෙන සෙතක් නොමැත..

:       4       0

gowiya Sunday, 20 February 2022 01:35 PM

පොහොර තිබෙනවා නම් ගොවිතැන් කරන හැටි අපි දන්නවා...

:       3       1

වෙල්විදානෙSunday, 20 February 2022 06:48 PM

ඇත්ත... මෙතෙක් කලක් ගොවිතැන් කළේ හමුදාව නොවෙයි නේද? කොහොමත් විදේශීය හාල් මත යැපුණු කාලයේ වී ගොවිතැන දියුණු කරන්න පොහොර දුන්නා. ගොවීන් කැඳවා දැනුවත් කරලා ගොවිකාරක සභා පිහිටුවා තමා වී වගාව දියුණු කළේ, පොහොර හඳුන්වා දුන්නේ... නමුත් කාබනික පොහොර යොදන්න කිව්වාට ගොවීන් කැඳවා දැනුවත් කළාද? නැහැනේ අඩුම තරමින් කෘපනිසලා කුඹුරක් බලන්නවත් ආවේ නැහැ. ගොවීන්ට ඔවුන් ළඟට යන්න වුණා මේවාට පිළියම් යොදන්න එහෙම කළාම හමුදාව නැතත් වී ගොවිතැන දියුණු කරන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site