IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක

රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක‍්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින්  යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාවේ යුක්රේන දේශසීමා අසල පමණක් 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටින බව විශ්ලේශකයන් පෙන්වා දෙයි.

මේ වන විට බෙලරුස් රාජ්‍යයේ සහ ක‍්‍රිමියා අර්ධද්වීපය අසල කලූ මුහුදේ රුසියා යුද අභ්‍යාස ආරම්භ වී ඇත.

කලූ මුහුදේ නාවික යුද අභ්‍යාස හේතුවෙන් යුක්රේනයේ නාවික කටයුතුවලටත් බාධා එල්ල වී ඇත. නාවික යුද අභ්‍යාසයට රුසියානු යුද නෞකා 30 පමණ සහභාගී වන බව පැවසේ.

යුද ටැංකි, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුද උපකරණ  රුසියාවේ යෙල්නා හමුදා  කඳවුරෙන් යුක්රේන දේශ සීමා දෙසට ගමන් ආරම්භ කර ඇතැයි ඇමෙරිකාවේ මැක්සාර් සමාගම පවසයි.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත්  රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රෙිලියාව, ඉතාලිය, ඊශ‍්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

රුසියාවද වැඩිවෙන යුද උණුසුම හමුවේ තම රාජ තාන්ත‍්‍රිකයන් යුක්රේනයෙන් ඉවත් කරගනිමින් සිටී.

”මම මේක ගොඩක් කල් ඉදන් කියන්නේ මේ පණිවිඩය මුද්‍රිත,රූපවාහිනී මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ලෝකෙටම කියන්න, ඔයගොල්ලො දන්නවද යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ වෙලා යුද ක‍්‍රියා මාර්ගයක් මගින් ක‍්‍රිමියා අර්ධද්වීපය නැවත අත්පත් කර ගන්න අදහස් කළොත් මොකද වෙන්නේ කියලා.

යුරෝපා රටවලූත් මෙම යුද්ධයට සම්බන්ධ වෙනවා මොකද නේටෝ සංවිධානයේ ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තියේ තියෙනවා එක නේටෝ රටකට පහර දීම යනු මුළු නේටෝ සංවිධානයට පහර දීමට සමානයි කියලා. නේටෝ සංවිධානයේ හමුදා සමග රුසියානු හමුදා සංසන්ධනය කරන්න බෑ. ඒත් රුසියාවට තියනවා නවීන න්‍යෂ්ටික ආයුධ” රුසියානු ජනාධිපති පුටින් මාධ්‍ය සාකච්ඡාවදී ප‍්‍රකාශ කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු  රොයිටර්ස් ඇසුරෙන්)



අදහස් (1)

රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක

Prabha Sunday, 13 February 2022 03:37 PM

අනුන්ගේ කතා විශ්වාස කරලා වලියට ගියාට අන්තිමට කන්න වෙන්නේ තනියෙම වගේ...

:       20       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 249 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site