IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වැලි නිසා වැනසෙන පොලොන්නරුවේ වන සම්පත

(නිමල් ජයරත්න)

පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලි ජාවාරම් නිසා ගංගා, ඔයවල්, ඇල පද්ධති විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

නීති විරෝධී වැලිගොඩ දැමීම නිසා පරිසරයටත්, ගං ඉවුරුවලට මෙන්ම ,ඇළවේලි පද්ධති සෝදා පාළුවට ලක්ව රූස්ස ගස් පවා විනාශවී ඇත.

සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන්, ඉවක් බවක් නොමැතිව, 503 කලාපයට අයත් කුඩාඔය, මාදුරුඔය, වඩ්මුනේ, මාදුරුඔය දකුණු ඉවුර, බෝවත්ත, මොනාරතැන්න,මනම්පිටිය යන ප්‍රදේශවල දේශපාලන රැකවරණ මැද  මහාපරිමාණ වැලි ජාවාරම සිදුවන බව ද පරිසර සංවිධාන පෙන්වා දෙති.

යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ගංගාවලින් සහ ඇළවේලිවලින්  දිවා රාත්‍රී  වැලි ජාවාරම හේතුවෙන් වන සතුන් ද දැඩි බියට පත්ව ගම්වදින බවත් ඇළවේලී, ගංගා ආශ්‍රිත අහස උසට වැඩුණු කුඹුක් ඇතුළු වටිනා රූස්ස ගස් විනාශ වී ඇතැයි පරිසරවේදීහු ප්‍රකාශ කරති.

මනම්පිටියේ සිට කරපොල දක්වා කිලෝමීටර් 44 ක් දුරට අලි අගල් කපන මුවාවෙන් වැලි හා පස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශයේ ගොවි සංවිධාන සඳහන් කරති.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් නොතකා, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව මෙම වැලි ජාවාරම සිදු කිරීමට අඩි දහයක් යටට අගල කපා එම වැලි හා පස් සෝදා විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් අඩි දහයක් යටට කපන වලවල්වලට වන සතුන් වැටී ඔවුන්ගේ ජීවිත අනතුරට පත්වන බව ද පරිසරවේදීහු , පෙන්වා දෙති.

අප මේ පිළිබඳව  වනජීවී දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් ගෙන් කල විමසීමකදී ඔවුන් සඳහන් කළේ තම උපදෙස් නොතකා වැලි ලබා ගැනීමේ මුවාවෙන් එම ජාවාරම්කරුවන් විසින් සිදු සිදුකරන බවත් මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් කිරීම්ට කටයුතු කරන බවයි



අදහස් (2)

වැලි නිසා වැනසෙන පොලොන්නරුවේ වන සම්පත

ගජමිතුරු Thursday, 17 February 2022 08:35 AM

හැමතැනම කුම්භකර්ණයින් රජවෙලා... ඉතින් මෙහෙම නොවෙයිද අපේ හාමුදුරුවනේ?

:       0       0

sharm warn Thursday, 17 February 2022 12:00 PM

දේශපාලන රැකවරණ සහිතව .ඔව් එහෙම තමයි ඒ වැඩ වෙන්නේ.ඇයි අවුල්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 249 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site