IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ මහ දවල් ලයිට්

(ළහිරු හර්ෂණ)

කොළඹ 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මේ මොහොත වන විටත් දැල්වෙන අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

කොළඹ නගර සභාවද මෙම මාර්ගය ආසන්නයෙ පිහිටා ඇති අතර කිසිදු නිලධාරියකු මේ දක්වා මෙම පහන් නිවා දමන්ට කටයුතු කර නැත.

පවතින ඉන්ධන අර්බුදය නිසා විදුලිය පිරිමසන්නැයි බලධාරින් ජනතාවට කොතෙක් කීවත් නිලධාරීන් මේ ආකාරයෙන් නොසැලකිල්ලෙන් වැඩ කිරම වැදි බණ කියනවා හා සමාන බව මහජනතාව චෝදනා කරති.



අදහස් (8)

විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ මහ දවල් ලයිට්

fairoos Monday, 31 January 2022 12:26 PM

මම දැක්කේ පත්තරේ බලලා.

:       28       10

sam Monday, 31 January 2022 01:55 PM

පැලවත්ත අකුරේගොඩ පාර හමුදා මූලස්ථානය ඉදිරිපිට දිවෙන ප්‍රධාන මාර්ගය අසල ඇති විදුලි බුබුළු පවා මහා දවල් දැල්වී ඇත. මේ පිළිබඳ මා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික අංශය දැනුවත් කළත් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත...

:       26       17

Mahesh Monday, 31 January 2022 01:56 PM

2022 වෙලත්, පොදු ස්ථානවල ලයිට් ඕෆ් කරන්නේ තාම මැනුවලිද? ඉතිං හිතාගන්න පුළුවන් නේද රටක දියුණුව කොහොම වෙයිද කියලා... හැබැයි කතාකරලා බලන්න ඕනේ, දෙන්නේ ලෝකේ අල්ලන ටෝක්. කවදා මේ රට ගොඩයයිද?

:       1       24

Bunny Preena Monday, 31 January 2022 01:56 PM

යම් තරමකට වැඩ කරන්නේ කුණු එකතු කරන අය විතරයි...

:       1       21

sharm warn Monday, 31 January 2022 02:37 PM

අපි එහෙමයි... පස්ස බිම ඇනිලත් ගමන උඩින්...!

:       1       9

sugath Monday, 31 January 2022 04:03 PM

මේ තමයි අපේ හැටි... රටේ මොන ඉන්ධන හිඟය තිබ්බත් ගමන v8 එකේ...

:       5       8

ගමේ එකාලා Monday, 31 January 2022 05:09 PM

පොරටෝක් දෙන ඇමැතියා දැනුවත් කරන්න කවුරුවත් නැතුව ඇති....

:       7       8

ජුණ්ඩප්පුවා Wednesday, 02 February 2022 09:58 AM

නඩත්තු කටයුතු සඳහා පරිපථ පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ මේ අයුරිණි. පිළිස්සුණු විදුලි බුබුළු මාරු කිරීම වැනි කටයුතුවලට කල් ගතවෙන අතර සම්පූර්ණ පරිපථයේම පිරික්සුම නිමාකොට, වීදුලිය විසන්දි කොට නඩත්තුව නිම කරනු ලබන බැවින් යම් කාලයක් පරිපථයට සම්බන්ධ විදුලි බුබුළු දල්වා තැබීම අනිවාර්ය වේ. පණ්ඩිත මහතුන් කළින්ම මේ බැව් අවබෝධ කරගෙන කමෙන්ට් කෙටීම මැනවි...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 248 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site