IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හුණුපිටිය ගංගාරාම විහාරයේ අවසන් මහ පෙරහරේදී...

(යොහාන් භාසුර)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (16) රාත්‍රී වීදි සංචාරය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරහර මංගල හස්ති රාජයා වූ කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කළේය. ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර ස්වාමීන්වහන්සේ ද මෙහි සිටිති.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥා වෛද්‍ය සීතා අරඹපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ ගයන්ත කරුණාතිලක, ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප: ළහිරු හර්ෂණ     



අදහස් (2)

හුණුපිටිය ගංගාරාම විහාරයේ අවසන් මහ පෙරහරේදී...

Mahesh Thursday, 17 February 2022 07:02 AM

ඇයි මේ හැම අටමඟලකටම හොර දේශපාලුවන් සම්බන්ධ කර ගන්නේ..? රටේ වෙන වැදගත් මිනිස්සු නැද්ද..?

:       0       0

Sarath Silva Thursday, 17 February 2022 09:01 PM

සීතා අක්කාගේ නම ඇහුනේ ගොඩක් කාලෙකින්. කොහෙද දන්නෙ නැහැ හැංගිලා හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 248 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site