සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය.