(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී තිබේ.
එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , සමන් පේ‍්‍රමජිත් වික‍්‍රමආරච්චි , දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න ,දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ නැමැත්තන්ය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය , සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා , දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරී , එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ , පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක්
laksman Friday, 12 January 2018 12:35 AM
විදුහල්පතිලට පමණක් නොව ගුරුවරුන්ට ද දේසපාලනය තහනම් කලයුතුය මොවුන් කරන්නේ විභාග වලින් සමත්කම් නොදක්ව හිතවත් කම් මත උසස්වීම් ලබා ගැනීමට ක්‍රම සකස්කර ගැනීම මේවට ඉඩ නොදිය යුතුය
Lakmal Friday, 12 January 2018 09:18 AM
ඒක ඇත්ත... විදුහල්පතිවරුන්ට මොන දේශපාලන නේද? දේශපාලනේ කරන්න ඕනෑ ජූඩෝ, කසිප්පු කාරයෝනේ...
නිශ්ශංක Friday, 12 January 2018 03:20 PM
මෙවැනී වැරදී හිතාමතා කන ඒවා. රජය නොමග යවනවා විතරක් නෙවෙයි. බොරු කියලා මිනිස්සුත් නොමග යවනවා. මේකට විදුහල්පතිතුමා විතරක් නෙවෙයි අදාල පක්ෂයේ සියලූම අපේක්ෂකයෝ වගකිවයුත්තන් වෙනවා.ඒ නිසා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕන.