ඩයනා උදයංගනී
රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි ලෙස භාවිතා කරන විට ආණ්ඩුව එය පාලනය නොකිරීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම මෙන්ම කවුරුන් හෝ එය වැරදි ලෙස භාවිතා කරන විය පාලනය කිරීමත් යහපාලනය බව අමාත්‍යවරයා ස`දහන් කළේය.
ආණ්ඩුව සිංහල ජාතිය වෙනුවෙන් පෙනී නොසිටින, වෙනත් ජාතීන්ට පමණක් සළකන, රණවිරුවන් දඩයම් කරන, රට බෙදන එකක් බව ඇතැමුන් රැස්වීම්වල කියද්දී ඒවා නැවැත්වීමට හා නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබූ බව ද මහලේකම්වරයා ස`දහන් කළේය.
ගිනි ඇවිලවූ ඇතැමුන් දැන් ඒවා නිවන්න සහය දෙන බව කීවත් ඔවුන් ඒ දේ කරන්නේ සද්භාවයෙන්ද යන්න ගැටලූවක් බව ද දිසානායක මහතා කියා සිටියේය.
ගැටුම් ඇතිකිරීමට සම්බන්ධ වූවන්ට පක්‍ෂ, ජාති භේදවලින් තොරව දඬුවම් දිය යුතු බව කී දුමින්ද දිසානායක මහතා රටේ නීතිය කාටත් සමාන විය යුතු බැවින් එහිදී ජාතිය මුල් කරගෙන බලපෑම් නොකරන ලෙස දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඔබතුමා හරියටම හරි. ආණ්ඩුව මන්දගාමීව තමයි වැඩ කරන්නේ. නියම විදියට මාධ්‍ය තුලින් රජයේ පණිවිඩය දීමට බැරි වෙලා.
යහපාලනයෙන් නිදහස ලැබුනේ බැංකු හොරුන්ටයි දූෂිතයින්ටයි, තක්කඩින්ටයි පමණයි.
ගොවීන්ට පොහොර දීගන්න බැරිවූ මිනිහා ආණ්ඩුවෙ වැරදි කියනවා . ලබන මැතිවරණයෙදි මොහුට ඇපෙත් නැතිවෙනවා
2015 දී බලයට පැම්ණි මෙම ආණ්ඩුව මෙතෙක් කර ඇත්තේ මහා බැංකුව කොල්ල කෑම , කොමිසන් දැමීම ,ඇඳිරි නීතිය දැමීම , හදිසි නීතිය ,බදු ගැහීම ,රිමාන්ඩ් කිරීම, FICD කැඳවීම මහින්ද පටන් ගත් ප්‍රොෙජක්ට් විවෘත කිරීම , බොරු කියා ජනතාව රැවටීම පමණය .
දුමින්ද ආණ්ඩුවේ ඇමතිවරයෙක් නේ. ආණ්ඩුවේ වැරදි ගැන දුමින්දත් වගකිව යුතයි.
මහජාතියට නේ ඔක්කොම බලපෑම්.
අපගේ ලේකදුලින් දහදිය මහන්සියෙන් හම්බකරගත් මුදල්වලින් රජයවිසින් අපගෙන් අයකරගන්නා බදුමුදල් වලින් වැටුප් සහ සියලුම දීමනා උපරිමයෙන් බුක්ති විදිමින් "සැපවත් ජිවිතයක්" ගතකරන "ඇමති දුමින්ද දිසානායක" ගෙන් පහත සදහන් ප්‍රශ්නවලට රුජු පිලිතිරු බාලාපොරොත්තු වන්නෙමු. මල්ලියේ ...ඔහේ මෙතෙක් කල් "වැල යන පැත්තට " මැස්ස අටවා අටවා නේද හිටියේ ?????? එහෙම නේද "ඇමති දුමින්ද" දැන්වත් අවංකව කට ඇරලා කියනවා ඔහෙලට සැපවත් ජිවිතයක් ගෙවන්න මුදල් දෙන්නේ දුප්පත් මහජනතාව වන අපි, එනිසා අපිට 2000% වඩා අයිතිය තියෙනවා ඒගැන ඔහෙගෙන් ප්‍රශ්න කරන්න ?? ඇයි දැන් මොකද එක පාරටම මැස්ස ගැහිල්ල නතරකලේ ?? වැටකොළු වැලට, පතෝල වැලට ලෙඩ බෝවෙලාද ?? ඔහේ තමන්ගේ හිතට එකගවද මෙතෙක් කල් හැමදේටම කැමති උනේ ???
ඉස්සෙල්ල අඩුම ගානේ ප්‍රාදේශීය මැතිවරණයක් හරි දිනලා එන්නකො. අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්නේ නැතුව. තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව තවත් කතා මොකටද?
අවුරුදු තුනක් යනකම් ඔය ටික නොතේරුන එක ඇමතිවරයෙකුට තරම් නොවන බවයි මගේ අදහස
සිත නිවන කතා
පොහොර දුන්න අය දුන්නේ ලෝක වෙළඳපොලේ කුණු කොල්ලෙට තිබුන බාල උග්‍ර විෂ සහිත රසායනික පොහොර. ඒවා භාවිතා කල නිසයි වකුගඩු රෝගය රටම බිලිගත්තේ. පොහොර සහනාධාරය ඉවත් කරලා ඒ සල්ලි ගොවියාගේ බැංකුවට දැම්මා තමන් කැමති පොහොරක් ගන්න. ආණ්ඩු කල යුත්තේ වස විස බෙදීම නෙවෙයි එවන් ජනතාව ආරක්ෂා කිරීමයි.
පොහොර ටිකවත් හරියට බෙදාගන්න බැරි ඇමතිතුමා මොනවාද කියන්නේ, 2020 ප්‍රතිපල බුක්තිවිදින්න වෙයි.
තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව තවත් කතා මොකටද?
සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළේ මෙයාලමනේ.... දැන් ඒ ස්ථාවරය වෙනස් වෙලාද?
කාලය මැවු වෙනසක අරුමේ
නිවැරැදි පිළිතුර තෝරන්න. මෙය ගුටි කෑමෙන් පසු/ පෙර කරන ලද ප්‍රකාශයකි.
කිරි රස දන්නෝ මව අඳුරන්නෝ දෙකම නොදන්නෝ කුමට උපන්නෝ