(ඩයනා උදයංගනී)
මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රජය මේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණත් එවැනි කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වූ බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතු බවත්, ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.
දැන්වත් ඔවුන් තවත් තැනක මෙවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ජාතිවාදී ප‍්‍රවණතාව පරාජයට පත්කිරීමට ක‍්‍රියා කළ යුතුව ඇතත් එවැනි ක‍්‍රියාමාර්ග ගනීවියැයි තමා නොසිතන බවද ජ.වි.පෙ නායකයා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
එන්න කලින් ගේන්න .. පුදුම හදිස්සියක් තියෙන්නේ. ගෙනාවට පස්සේ ආයෙත් ආයෙත් ඒ ආණ්ඩුව ගෙදර යවන්නත් මෙයාටමයි හදිස්සි. අනේ මන්දා කවදා හැදෙයිද කියලා...
ජවිපෙ හිතන්නේ මේ ආණ්ඩුව කළබලකාරී තත්වයන් වර්ධනය කරනව කියලද?
ජවිපෙ හිතන්නේ මේ ආණ්ඩුව කළබලකාරී තත්වයන් වර්ධනය කරනව කියලද? ලෝකෙට පණ්ඩිතකම් දෙසාබැවට මේ රටතුල දිනෙන් දින වර්ධනය වන තත්වයන්ට උත්තේජනයන් සැපයෙන්නේ කොහෙන්ද කියල මේ පණ්ඩිතයට තේරෙන්නෙ නැද්ද.
හලෝ අනුර ඕක තෙල්දෙණියේ ප්‍රශ්නයක් නොවෙයි.
88-89 නීතිය කැඩුවේ අපිද ? පාසල් ළමුන් පවා පෙළපාලි යවලා නීතිය කඩන්න බලකලේ අපිද ? අසල්වැසියව මරන්න පෙලබෙව්වේ අපිද? මිනිස්සුන්ව හන්දිගානේ හිරකරලා අනිත් කාටවත් ගමන් බිමන් යන්න බැරි වෙන්න අවහිර කරන්න පුරුදු කලේ අපිද ? නීතිය කඩන්න බල කලා මිසක් නීතිය රකින්න පුරුදුකලාද ? මේවා ඔක්කොම දේශ පාලන වාසි වෙනුවෙන් නටන නාඩගම්.
තමුන් කඩේ ගිහන් පත් කරොපු ආණ්ඩුව නේද ?
හලෝ මේ බොර දියේ මාළු බෑම පහත් න්‍යායක් බව දන දැනත් පොඩි ළමයි වගේ හැසිරීම ගැන කණගාටුයි. බල තණ්හාවෙන් පිටුපසින් සිට ජාතිවාදය අවුස්සන අයට උල්පන්දම් දීම හිරිකිතයි.
ආව ආව......අපේ අනුර කුමාර මහත්තයා දැයි අගමැති වෙලා හිටියනම්.....මේ ප්‍රශ්න සේරම ටිප් ටොප් එකට විසඳන හැටි බලන්න තිබුනා. අපිට හොඳට මතකයි ජ්ව්ප් කාරයෝ 87-88 කාලේ මිනිස්සුන්ගේ බෙලි කපල ඔලු ගෙඩිය පාලම උඩ තියල ප්‍රශ්ණ විසඳපු හැටි.
රටේ දේශපාලනය අවභෝධයකින් කියවන්න පාලිත.
කොහොමත් ඉතින් ඕනේ කෙනෙක් ට කයිවාරු ගහන්න නම් පුළුවන් හැම දෙයක් ම පුළුවන් වගේ...
මොනවද අප්පා මේ කථා? මෙයාල 71දිත් 88, 89 කාලෙදිත් ඇතිකළ ගැටළු විසඳන්න නම් කොච්චර කාලයක් ගියාද? මෙයාලට ඒව දැන් මතක නෑ.
ඇයි ඕව ඒකා වගේ ඉන්න බද්දයට කෙලින් කියන්නේ නැත්තේ ? හැමදාම රටේ මොනවහරි අවුස්සනවා බලය උදෙසා . මොනවා හරි කරලා එදිනෙදා ජනජීවිතය කඩාකප්පාල් කරනවා . ඒවා දන්නා අය දන්නවා. නමුත් පක්ෂය ලොකුයි .
එය වැරදි කතාවක්. ආණ්ඩුව ට පුළුවන් හමුදා බලය දාල පාලනය කරන්න. නමුත් හරි පාලනය එන්නේ මෝඩ මිනිසුන් කලහකාරී වැඩ නොකරපුදාට විතරි. මුනිසුන්ගේ මෝඩ හිතුම් පැතුම් වලට ආණ්ඩුව වග නැහැ. මොන ආණ්ඩුව ආවත් එකම තමා
හැමදාම හැත්තෑ එකයි අසූනවයයි මතක් කර කර නිදා ගන්න..වර්තමානයේ ඒ අයගේ දේශපාලන හැසිරීම බලා තීරණය කරන්න.
දෙපා වැදීමෙන් නතර නොවී එක එක දේසපාලකයින්ගේ පාමුල වාදී වී දීන බව පල කරන්න එපා.
මුලුමනින්ම රට කාලා උඩුයටිකුරු කර දැන් ඇස්ගෙඩිදෙක් පුඹාගෙන දැන් චොකාබයිලා ගයනවා මෙහෙමත් දේෂපාලන කාපාලුවන්??
මෙය රෙදි ඇඳගෙනද කතා කරන්නේ. බොරුහිලක්. අපිට තම 71ය් 89ය් මතකය්. රටේ තිබෙන සම්පත් ගිනිතියනකොට මෙහෙම කිව්වේ නැහැ නේද. ගිහින් වැඩක් බලා ගන්න සහෝදරයා.
මේ මනුස්සයත් පුදුම මනුස්සයෙක්.....
ලංකාවේ වෙන දේවල් දැක්කම හිතට හරිම දුකයි ..? අපි ගම්වල සිංහල මුස්ලිම් මිනිසුන් තමන්ගේ පවුල්වල සාමාජිකයෝ වගේ ගීවත් උනේ කොබෙයිගනේ, පන්නව, බැද්දේගම, මේ වනකොට රට තුල මිනිසුන්ගේ ආකල්ප පිරිහිලා තියෙන තත්වය දැක්කම කොහොම තත්වක්ද රටට උදාවෙන්නේ කියල දුකයි වගේම බයයි ..
ඡන්දෙ බලාගෙන ඒ අය අපිට ජාතිවාදය ඉගැන්නුවා. අපේ ජාතිය බේරගන්න පුළුවන් මේ දේශපාලනයට විතරයි කිය කියා අපි ඡන්දෙ දෙනවා. රට වලපල්ලට යනවා. අපි මරා ගන්නවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශපාලන රූකඩ වෙලා. බුදු දහම විනාශ කරනවා. අපි කවදා මේවා තේරුම් ගනීවිද?
අනුර කුමාර කියන්නේ සිරිකොත සාමාජිකයෙක් බව දැන ගත යුතුය.ඇත්තේ ජේ. වී. පී බෝඩ් ලෑල්ල පමණි,2015 ආණ්ඩු පෙරළියේ තවත් එක කුමන්ත්‍රණ කරුවෙකි.මොහුට ඒ සඳහා ඩොලර් අට්ටි ලැබුණු බව නොරහසකි.රනිල්ලා වගේම මෙයාලත් මංකොල්ලකාරී මිනීමරුවෝය.රනිල්ලා එදා කළු ජුලිය ඇති කළා එය සිංහලුන්ට රනිල්ලා {ජේ.ආර්.}නඩය ;ලබාදුන් කළු පැල්ලමකි.එනිසා මේ අය රටවැසියන්ට විනාශය මිස ලබා දී ඇත්තේ කුමක්ද?
ඒ බැරි ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න බැරි විපක්ෂ සංවිධායකගෙනුත් ඵලක් නැහැ. lකවුරුත් එකයි......
ලංකා ඉතිහාසය, ලෝක ඉතිහාසය පුරාවට බලය සඳහා සන්නද්ධ අරගලවලින් පිරි ඇති බව නොරහසකි. රුසියාව, ප්‍රංශය, කියුබාව පමණක් නොව අපේ ඉතිහාසයද අරගලවලින් බහුලයි. මිනිස් ඉතිහාසය යනු ගැටුම්වලින් හිරිවැටුණු, විටෙක පෝෂණය වූ ක්‍රියාවලියකි. 71 හෝ 88/89 යනු එහි සාපේක්ෂ සංසිද්ධි පමණකි. නෙල්සන් මැන්ඩෙලා අරගලකරුවෙකි. එහෙත් ඔහු මියගියේ ජනතාවගේ දෙනෙත්වල කඳුලක් ඉතිරි කරමිනි. ජ.වි.පෙ. සම්බන්ධයෙන්ද ගත්විට එම වියලුණු තුවාල නැවත නැවත ඔද්දල් නොකොට ඔවුන්ගේ වර්තමාන සජීවී ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමු. ප්‍රධාන දේශපාලන පක්ෂදෙක වසර 70ක් පුරාවට කළ කී දේ සිහිපත් නොකොට 71 හෝ 88/89 පමණක් ගෙන නිවට නියාලු දූපත් මානසිකත්වයේ රාජාණ්ඩු වහලුන්සේ සිතීම නතර කරමු.
උරෝ කැකුණ තලුවාම, හබන් කුකුලන්න්ට වාරේ කීවාලු.
ඉන්න ආණ්ඩුව ගෙදර යවන්න විතරයි මෙයාලා දන්නේ.
කල යුත්තේ කුමක්ද කියා පැහැදිලි කරන්න නිම්මි.
මේකට හේතුව සංහිදියාව නමැති බිජුයි.
රටේ කලබලයක් නැත්නම් මේ අයට කතා කරන්න දෙයක් නැහැ. ලාල්කාන්ත කියන කෙනා මෙයාලට මාද්‍ය සංදර්ශන තියන්න වැඩේ නියමෙට කරනවා. රජයේ සේවකයෝ දවස ගානේ උද්ගෝෂණ, විශ්ව විද්‍යාල ළමයි හැමදාම පාරේ.
කොහේදෝ හැංගිලා ඉඳලා දැන් එළියට ඇවිත් කෑගහනවා...!!! මේ අය තමා ප්‍රශ්න ඇති කරන්නේ... ඒ කරලා බොරුවට කෑ ගහනවා..!!!