විනීතා එම් ගමගේ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ඉකුත් සතිය වනතුරුත් අගමැති ඉවත් කිරීම, මහබැංකු මංකොල්ලයේ මහ මොළකරු රටට ගෙන ඒම වැනි රටට බලපාන ප‍්‍රශ්න ගැන ජනතා අවධානය යොමු වී තිබුණත් මේ සිද්ධිය සමඟ එක්සත් ජාතික පක්ෂයට හා ආණ්ඩුවට එල්ල වී තිබු අප‍්‍රසාදය ඉවත් වීමේ සහනය ඔවුන් ලබන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය.
මෙම ගැටුමට මුල් වූ හේතු මෙන්ම 24 දෙනා අත් අඩංගුවට ගැනීම ඇතුළු සියලූ කරුණු පිළිබ`දව තොරතුරු සොයා බැලිම සඳහා වන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසිය.
රට අතිශයින් බැ?රුම් තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මොහොතක්. මේ ජාතිවාදි ගැටුම් වහා නැවතුනේ නැත්නම් රට යළි ගොඩ ගත නොහැකි ආගාධයකට තල්ලූ වෙනවා.
ගැටුම්වල නියුතු සියලූ පාර්ශවවලින් විශේෂයෙන් සිංහළයන් වෙනුවෙන් හ`ඩ නැගූ සිංහල මන්ත‍්‍රී කෙනෙක් ලෙස මා ඉල්ලා සිටින්නේ වහා සමථයකට එන ලෙසයි.
විපතට පත් අයට අපේ සාතිශය සංවේගය පළ කරන අතර ඔවුන්ට උපකාර කරන්නැයි ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල තරුණයෙක් මරා දැමීම නිසා මේ ගැටුම ඇති වෙලා කියා කිව්වත් එය නොවෙයි මේ සිදුවෙලා තියෙන්නේ.
කුමාරසිංහගේ මරණයට අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන්න පොලිසිය කටයුතු කළා. නීතිය නිසිලෙස ඉටුවන බව දැන ජනතාව නිහ`ඩව සිටියා. නමුත් මරණය සිදුවූ ප‍්‍රදේශයේ කඩ කාමර පහක් ගිනි ගත්තා. ගිනි තිබ්බද ගිනි ගත්තද තවම දන්නේ නැහැ. ඒ අතරේ එතෙක් නීතියට අනුව වැඩ කළ පොලිසිය මළ ගෙදර ආ බස්රථයක සිටි 24 දෙනෙක් අත් අඩංගුවට ගත්තා.
මේ අහේතුක අත්අඩංගුවට ගැනීමෙන් ජනතාව කුපිත වී ඇති බව දිලූම් අමුණුගම මන්ත‍්‍රීවරයා පොලිස්පතිවරයාටත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නාම මන්ත‍්‍රීතුමා කළබල නොවී ඉන්න කියා පොලිස්පතිතුමා ඉතා උද්ධච්ච ස්වරූපයෙන් කියා තිබෙනවා.
එදා තමයි කළබල ඇති වෙලා තියෙන්නේ. නීතිය නිසි ලෙස ඉටු වී නැතැයි දැනුනොත් තමයි ජනතාව නීතිය අතට ගන්නේ. මේක ලොව පුරා ඇත්තක්. එහෙම සිද්ධි අපි දැක්කා. පොලිස්පතිතුමා කිව්වේ ඔහු නීතිය නවනවා කියලයි. මේ හරහා නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබඳ ජනතාවට ඇතිවුණ සැකය තමයි මේ ගැටුමට අවශ්‍ය පළමුවැනි ගිනිපුඟුව බිහිකළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
COMMENTS
නමට පිවිතුරු, කොහේ තියන එකක්ද කියලා දන්නේ නැ. හෙළයා ගැන කෙසේ වෙතත් එකාගේ ගොඩ පුරවගන්න හදනවා. එක ඡන්දයක්වත් දෙන්න හොඳ නැහැ.
අද දවසේ ඔබතුමා තරම් සතුටුවන කෙනෙක් මේ ලංකාවේ නැතුව ඇති. ජාතිවාදය අවුස්සලා දැන් කිඹුල් කඳුළු හලනවා. තනියම තරඟ කරලා ඡන්ද දහයක්වත් ගන්න බැරි මේ වගේ අය නිසා මුලුරටක් අද අඩාල වෙලා. පින් අයිතිවෙයි දැන්වත් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න රට ගිනිතියන්නේ නැතුව...
ඉතිහාසයේ ඉඳන්ම පෙට්‍රල් දාපු කෙනෙක්ම දැන් කතා කරනවා...
මේ නම් මහා මූසල වැඩක්. මිනිස්සු මරාගන්නකොට මේ හදන්නේ තවත් ගිනි තියන්නයි.
කියන්නේම වාචාල කතා... ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා නෙවෙයි. ආණ්ඩුවට යන එන මං නැතුව ඉන්නේ. හැබැයි මෙවැනි වාතාවරණයක් රටතුල ඇතිවෙලා රට ව්‍යාකූල වෙනවට උඩින්ම කැමති බොරුවට කිඹුල් කඳුළු හෙලන නඩය තමයි මේ..
මේ ගැටුම් ඇතිකරන සූත්තර ක්‍රමවේදය, ඔබේ සූත්තර පුංචි මොළයට ආවේ නැත්නම් මහින්ද රාජපක්ෂ ළඟ ඔබට කරන්න සේවයක් ඉතිරි වන්නේ නැහැ.
මේ ජරා කට වහන්න සේරටම කලින්
මහින්දගේ කුණුහෝදන රටටම පළිලයක් වූ අසාමාන්‍ය මිනිසා................
මෙයාගේ පවූලේ අය ( බිරිද,ළමයි ඉන්නේ ඕස්ට්‍රේලියවෙ, අම්මා ඇතුලු අනෙක් අය ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ.) මෙයා ලංකාවට වෙලා පිරුවට ඇදගෙන ජාතිවාදය අවුස්සනව. තමන්ගේ බලය රැක ගන්න ඔය කරන අමන වැඩේ දැන්වත් නවත්වන්න.
මෙතන එක එක්කෙනාට වරද පටවල හරියන්නේ නැහැ.ඔයගොල්ලෝ පත් කරලා තියෙන්නේ රටේ තත්වේ උසස් කරන්න.මුස්ලිම් එකා කියනවා සිංහල ය වැරදි කියල.සිංහල එකා කියනවා ආණ්ඩුව වැරදි කියල.ආණ්ඩුව කියනව බෞද්ධයා වැරදි කියල.අන්තිමට පළමුව ගල ගහපු එකා නිදහස් .ජාති වාදී න් ට තදින් නීතිය ක්රියාත්මක කරන්න.මුස්ලිම් ඇමතිලාට ඇවිත් මුස්ලිම් අය බේරගන්නත්.සිංහල ඇමතිලාට ගිහින් සිංහල අය බේරගන්නත්.නැගෙන හිර පන්සල් කඩන උන් නිදහස් කරන්නත් ,විල්පත්තු කපන උන් නිදහස් කරන්නත් ,පල්ලි ගිනිතියන උන් නිදහස් කරන්නත් ගියොත් කවුරුත් නීතියට ගරු කරන්නේ නැහැ.වැරදි නම් කුඩුවේ දැම්මනම් හරි නේ.
ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගන්නේ ඔබ තුමාල මිස වෙන කවුරුවත් නොවෙයි.
මෙම සිදුවීමෙන් සියලුම දේශපාලකයින් වාසි ලබා ගනී. මහජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි දේශපාලන අස්තාවරතාවන් ඇති වන්නේ අතීතය අමතක කර වර්තමානයේ ජීවත් වන නිසාබයි. පටු දේශපාලනය කරන්නාවුන් ජයගෙන අහවරයි. අසරන වුනේ සාමාන්‍ය ජනතාව පමනයි. මෙම සිදුවීමත් තව ටික කලකින් අතීතයට එකතුවෙයි. දෙපැත්තට බෙදිල බල තන්හාවට කුලල් කාගන්නකන් මේ ගැටලු කිසිවක් විසදෙන්නේ නැත. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දිය යටින් ගෙන යන ගින්දරින් මුලු රටම ගිනි ගෙන අස්තාවර විය. "ඕනෑම සිදුවීමක් දේශපාලනය = මහ විනාශයක්"
මේ අයට දුන්න ජනතා ප්‍රසාදයේ විපාක ....
ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිමග්න වන පිවිතුරු පාලකයන් අපිට නැත. විශේෂයෙන් පිවිතුරු කියා දෙයක් අපේ මව්බිම තුල ඉතිරිව නැත.ගිලිහි ගිය රාජ්‍ය බලය අවලස්සන අන්දමින් හෝ ලබාගැනීමට දරන කුහක කතාය .
ආණ්ඩුව වාසි ගැනීම කොහොම වෙතත් මේ කට්ටියටනම් මේ සිද්ධිය නිසා වාසි ගන්න හැකිවූ බව නම් පේනවා. මේ ගොල්ලන් කියන්නේ මේ රජය අපු දවසේ සිට මුස්ලිම් මිනිස්සුන්ට තමයි තැනක් තියෙන්නේ. මහා ජාතියට එහෙම නැහැ. මෙතනදීත් වෙන්නේ ඕකයි. ඕව කිව්වහම අපේ මිනිස්සුත් ඒවාට අහු වෙනවා. විල්පත්තුවේ ඉඩම් විනාශයට මුල පිරුවේ මේ කට්ටිය බව දැන් අමතක කරලා ඉන්නේ.
ඍජු තීන්දු ගන්න පුළුවන් නම් ඔය කිසි ප්‍රශ්නයක් මේ තරම් දුර දිග යන්නේ නැහැ, එත් ඒ තීන්දු ගන්න බැරි ඒ සඳහා අවශ්‍ය දේශපාලන බලය නැති නිසා වෙන්නත් පුළුවන්, එත් රට කරවන අය දැනගන්න ඕන මිනිස්සුන්ට කරුණු පැහැදිළි කරලා පෙන්වා දෙන්න, එහෙම තමන්ම ආදර්ශයක් දුන්නා නම් අධි සුඛෝපභෝගී වාහන සුවපහසු ව වෙනුවට රට ගැන හිතල කැපකිරීම් කරලා පෙන්නුවා නම් මිනිස්සු ඒ අනුව යමින් රට හදන්න කැපකිරීම් කරනවා, ආණ්ඩුවට අවශ්‍ය දේශපාලන බලයත් ලැබෙනවා. අවාසනාවට මේ රටේ දුර්ජන පිරිසක් දේශපාලනයට එන්නේ රටට සේවයක් කරන්න නෙවේ, ප්‍රතිපත්තියක් ඇතිව වැඩ කරන්න නෙවේ, ඔවුන්ගේ එකම උවමනාව බලය අරන් සැප විඳින්නත් තව හම්බ කරන්නත් පමණයි, මෙහෙම තක්කඩි තමයි ආණ්ඩු මාරු වුනත් ඇමතිකම් වල ඉන්නෙත්, පැරදුනත් මන්ත්‍රීකම් ඇමතිකම් ලැබෙන්නෙත්, මොවුන්ට අනුග්‍රහ කිරීමෙන් ම ජනාධිපති අගමැති ආදීන් මේ තත්වය වඩා හොඳ තත්වයකට පත් කරන්න උවමනා බව පෙන්වල නැහැ, මේ තත්වය තව දිගට ගෙන ගියොත් ඊ ළඟ ජනාධිපතිවරණයෙන් තමන්ට ඒකාධිපතියෙක් වැනි නායකයෙක් උවමනා කියන තත්වයට මිනිස්සු තල්ලු වෙනවා, දැනටත් සමීක්ෂණයක් කර බැලුවොත් රට හදන්න නම් ඒකාධිපතියෙක් ඕනා කියන පිරිස ඉතා විශාලයි,
පොලිසිය බලන් ඉදිද්දි අපරද වෙලා තියෙන්නෙ. කගෙද එතකොට වරද??
මේ තවත් රට ගිනි තියතියා යන චරිතයක් තමයි. මෑතකදී මාධ්‍යයට දුන් සියලුම වොයිස් කට් හොඳින් බලන්න. සිංගප්පූරුවේ වගේ ඉඳන් මෙවැනි ප්‍රකාශ කරා නම් මෙලහකට මරණ දඩුවමත් ලැබිලා. කොන්ද පණ තියෙන නායකයෙක් රටට නොමැති අවුල තමයි මේ ඔක්කොටම හේතුව....
ඔබ කියන දේ හරි ආණ්ඩුව මේවා වෙන්න ඉඩ හැරලා දැන් ඒකෙන් වාසි ගන්නවා
එනවා හලෝ අපේ ගමට. වාචාල දොඩන්නේ නැතිව කුඹුරක් අස්වද්දන.
හැමදාම මොනවා හරි අව්ලක් කරලා දොඩවනවා .
පවතින ආණ්ඩුවකට කොහොමද මේ වගේ සිදුවීම් වාසි වෙන්නේ. කල කෝලාහලය වැඩි වෙනකම් පොලිසිය නිහඩව බල සිටිය කියන්නෙත් ඔහෙලමයි. ඒක නිසා මුස්ලිම් වරුන්ට හිරිහැර උණා කියල කඳුළු හෙලන්නෙත් ඔයාලමයි. වරකදී කියනවා මුස්ලිම් ජාතියට රජය සලකන්නේ නැතය කියල ඒක කියල සිංහලයින්ට කියනවා මේ රජය මුස්ලිම්වරුන්ට ඕනේ දෙයක් කරන්න ඉඩ දෙනවා කියල. එහෙම වෙනකොට කවුද මේකෙන් වාසි ගන්නේ කියල අපිට නම් හොඳට තේරෙනවා. .
ගම්මන්පිල ලා ට වුවමනා වුදේ කෙරුනේ නැතිනිසා උඩු බුරනවා ජනතාව ඇත්ත දන්නවා
ජාතිවාදී අන්තවාදය වැපුරුවේ කවුද කියා බුද්ධිමත් ජනතාව හොදින් දන්නවා .. වැදිබණ එපා .
අද දවසේ ඔබතුමා තරම් සතුටුවන කෙනෙක් මේ ලංකාවේ නැතුව ඇති. ජාතිවාදය අවුස්සලා දැන් කිඹුල් කඳුළු හෙලනවා. තනියම තරඟ කරලා ඡන්ද දහයක්වත් ගන්න බැරි මේ වගේ අය නිසා මුලු රටක් අද අඩාල වෙලා. පින් අයිතිවෙයි දැන්වත් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න රට ගිනිතියන්නේ නැතුව...
මෙයාගේ පවුලේ අය (බිරිඳ, ළමයි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, අම්මා ඇතුලු අනෙක් අය ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ.) මෙයා ලංකාවට වෙලා පිරුවට ඇඳගෙන ජාතිවාදය ඇතිකරනවා. තමන්ගේ බලය රැක ගන්න ඔය කරන වැඩේ දැන්වත් නවත්වන්න.
වැසි කිළි විවුර්තව තිබෙන විට දුඟද පැතිරේ...මොහුත් එම පිලෙ තවත් අයත දුඟද පතුරුවයි...පතුරන දුගඳ රටට ම දැනේ.... හොරෙකු ත්වත් අය විවේචනය කිරීම හාසයය ජනකය.... වැසිකිලි කටවල් වැසීම ආණ්ඩුවේ යුතුකමයි..
ඔබතුමාට මම ගරු කරනවා.
අයියෝ .. මේ මූණත් තහඩුව දැන් වත් අයින් කරන්නකෝ!
ජාතිවාදය අවුස්සන රටේ පුර වැසියන්ට නින්දා කරන දේවල් කරන පුද්ගලයන් මෙලොවෙන් තුරන් විය යුතුයි.