(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
මැතිවරණ ක්‍රමයේ විවිධ වචන හුවමාරු සිදු වුවද දැන් ඒ අමනාපකම් නැතැයිද ෆොන්සේකා මහතා කීය.
කිසිම කෙනෙකු සමඟ තමාගේ පෞද්ගලික වෛරයක් නැති අතර පළාත් පාලන ආයතන මට්ටමින් පොහොට්ටුව වුවද හොඳ දෙයක් කරනවානම් ඊට සහයෝගය දිය යුතු බව ඇමතිවරයා කීය.
කැලණිය ප්‍රාදේශීය සභාවට සහ පෑලියගොඩ නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් පත් වු මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වෙමින් ෆොන්සේකා මහතා මේ බව කීය.
රාජගිරිය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මේ දිවුරුම් දීම සිදු කෙරිණි.
COMMENTS
දැන් පක්ෂ පරතිපත්ති වලින් රටට වැඩක් නැත. දෙගොල්ලන්ගේ එකම ප්‍රතිපත්තිය බෙදාගෙන කෑමය.
මෙන්න නිර්භය අවංක මිනිස්සු. ෆොන්සේකා මැතිතුමනි අපි ඔබ සමගයි.
යු. අන්.පී. එකට ශ්‍රී ලංකා එකත් එක්ක තවත් හවුල් වැඩ කරන්න ලැජ්ජාවක් හෙම නැතුව ඇති නේද?
පිටිගල මට අහන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. මුළු රටේම ඉන්න තමන්ගේ පාක්ෂිකයින්ගේ අදහස් ගැන සොයා නොබැලීම මේ පරාජයට හේතුව බව මේගොල්ලන්ට තේරෙන්නේ කවදද?
එහෙනම් අර මහතුමා චන්දෙට ඉස්සෙල්ල ගිරිහ කඩාගෙන බෙරිහන් දුන්නේ එයා යු එන් පි එකත් එක්ක මොකුත් කරන්නේ නැහැ කියල. වෙලාවට මිනිස්සු ඒක ඇහුව්වේ නැත්තේ. නැත්තම් කියයි, මම එහෙම එකක් කිව්වේ නැතය, කිව්වේ චන්දෙන් පස්සේ එකතු වෙනවාය කියාය කියල.
ඒඋනාට රහස් චන්දයකින් සභාපතිකම තෝරනකොට දිනන්නේ පොහොට්ටුවේ කෙනා. හරි සන්තෝසයි. හික්.. හික්.. හික්....