IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඹුල්ලේ ජවිපෙ බැනර්, කටවුට්, කොඩි කපති

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතුපාරය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයක තිබූ බැනර් කටවුට් හා කොඩි ගිනිතබා කපා දමා විනාශ කොට ඇතැයි දඹුල්ල පොලිසියට අද (1) පැමිණිල්ලක් ලැබී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ  සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පැවසුවේ තම කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට තිබූ මෙම දේපළවලට කවුරුන් විසින් හානි කළේ දැයි යන්න නොදන්නා බවයි.

දේශපාලන අන්තවාදීන් මෙම විනාශය සිදු කර ඇති බව ඔවුහු පවසති.


 



අදහස් (10)

දඹුල්ලේ ජවිපෙ බැනර්, කටවුට්, කොඩි කපති

Sanath Monday, 01 January 2018 09:29 AM

මේ සැරේ හැමෝගෙම පොදු සතුරා වෙලා තියෙන්නේ ජ​.වි.පෙ. ... ඒ කියන්නේ එ.ජා.ප​., ශ්‍රී.ල​.නි.ප​., ඒකාබද්දෙ හැමෝම දන්නවා ජ​.වි.පෙ. ජයග්‍රහණය කළොත් එයාලගෙ සෙල්ලම් ඉවරයි කියලා.

:       256       704

Bamunuarachchi Monday, 01 January 2018 10:49 AM

ඉතින් මොකද බලාගෙන ඉන්නේ දෙන්න රිටර්න් එක... ඔය ගොල්ලන්ගේ කව්රුහරි ඕක දැකලා ඇති...

:       18       1

sanathMonday, 01 January 2018 11:31 AM

රිටන් එක දුන්නොත් බමුණුආරච්චිටත් රිදෙයි.

:       2       204

himal Monday, 01 January 2018 11:49 AM

මේ ඡායාරූප වලට අනුව බැනර් වල හිටපු අපේක්ෂකයා එක්ක තිබ්බ තරහකට, ඒ කියන්නේ නාමයෝජනා නොලැබිච්ච අයෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. ඡන්දෙ දාන්න යන මුල්ම පස් දෙනා ඝාතනය කරනවා කියපු, පාරේ පරාල ඇණ තියපු අයට තවත් මොනවද?

:       405       341

SathyayaaTuesday, 02 January 2018 10:36 AM

කෙනෙකුට විපතක් වුනහම සතුටු වෙන්න පුළුවන් දුෂ්ටයෙකුට පමණයි. අඩු වශයෙන් සතුටු වෙන්න ඕනේ විප්ලව කරන්න ගිය පිරිසක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත තෝරා ගෙන ආයුධ රහිතව ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉදිරිපත් වීම ගැන.

:       79       119

himalWednesday, 03 January 2018 05:46 AM

විප්ලව? එහෙම නම් කොටි කළෙත් විප්ලවයක් කියයි. ඉතිහාසයේ යම් දවසක මෙයාලා අවි නැවත භාර දීමක් කරලා තියෙනවද?එකතු කරපු අයි ඩී නැවත දීලා තියෙනවද?

:       0       1

banda Monday, 01 January 2018 12:33 PM

මෙදාපාර ජවීපෙ නොසිතු පෙරලියක් කරනවා.

:       4       274

Dinesh Kumara Monday, 01 January 2018 02:51 PM

මෙවර ජවිපෙ බහුතර බලයක් ගන්නවා සහතිකයි.

:       5       202

minipe Monday, 01 January 2018 05:11 PM

ඉවරයි. දැන් කොහොමද ඡන්දෙ දෙන්නේ. මේවා නැතිව අපිට ඡන්දෙ දෙන්න බෑනේ. පෝස්ටරයක් කියවා තමයි අපි අපේ පක්ෂය වෙනස් කරලා කාටද ඡන්දෙ දෙන්නේ කියල තීරණය කරන්නේ.

:       121       1

Bandara Tuesday, 02 January 2018 12:10 PM

පුළුවන් නම් පාර්ලිමේන්තුවට එදා තේරිච්ච හොදම සුපිරි මන්ත්‍රී 40 න් 15 ක් වේදිකාවට ගෙනත් පෙන්නන්න. අපිට ඡන්දෙ දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site