IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්ද වැඩට ගිහින් වැඩ තහනමට ලක්වෙයි

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයක් වන ඉඳුරුව ගෝනගල්පුර උප තැපැල් ස්ථානාධිපතිවරයාට සහය පළ කරමින් ප‍්‍රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. 

ඇය රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවැසේ. 

ඇයට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව මෙම වැඩ තහනම සිදුකළ බව අද (11) තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

උප තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප‍්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් පසුව විනයානුකූල පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

ඡන්ද වැඩට ගිහින් වැඩ තහනමට ලක්වෙයි

sanju Thursday, 11 January 2018 12:36 PM

මේ අහිංසක මිනිස්සුන්ට තමයි කරදර. මෙව්වා කාට කියන්නද.

:       95       121

MuhanFriday, 12 January 2018 02:40 AM

මේක මිනිහගේ තරම පළිබද ප්‍රශ්නයක් නොවේ මැතිවරණ නිතිය පළිබද ප්‍රශ්නයක්. මෙම මැතිවරණයෙන් මෙය ආරම්භ කිරීම හොද ලක්ෂණයක්

:       29       0

kalpa Friday, 12 January 2018 12:28 AM

තැපෑල කාර්යාලය කියන්නේ පොදු තැනක් එය දේසපාලනය කරන තැනක් නොවේනේ මෙනිසා තමා සෙස්ත්‍ර නිලදාරීන්ට තරංග කරන්න නොදෙන්නේ.

:       0       41

daham Friday, 12 January 2018 01:55 AM

මේවර පුද්ගලයාට නෙමෙයි ඡන්දෙ දෙන්නේ. පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමටනේ.

:       0       0

Ruwan Friday, 12 January 2018 03:10 AM

මෙය සැමදාම සිදුවන දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site