මහජන බැංකුවේ ටෙලර් යන්ත්රය ගෙයින් ගෙට යයි
කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් ’’ මහජන බැංකුව ’’ විසින් ජංගම ස්වයංක්රීය ටෙලර් යන්ත්ර සේවාවක් ගම්පහ නගරයට ආසන්න අතුරු ප්රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි.