IMG-LOGO

පෙර පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළාට ස්වීඩනයට දොස්

නව කොරෝනා වයිරස වසංගතය හමුවේ ස්වීඩනයේ සියළුම ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් විවෘතව තැබීමට ස්වීඩන් රජය පියවර ගෙන තිබේ.

ඒ නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ යුරෝපා කලාපයේ රටවල් රැසක පාසල් වසාදමා ඇති පසුබිමක ස්වීඩනය ගත් මෙම තී⁣රණට ගැන බොහෝ දෙනාගේ දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇත.

ස්වීඩනයෙන් ආසාදිතයි්න් 3400කට වැඩි පිරිසක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 105කි.

යුරෝපයේ සෙසු රටවල් අනුගමනය කරමින් ස්වීඩනයද විශ්වවිද්‍යාල සහ උසස් පාසල් වසා දැමීමට පියවර ගත්තේය.

නමුත් ප්‍රාථමික පාසල් සහ පෙරපාසල් තවදුරටත් විවෘතව තැබීමට ස්වීඩන බලධාරීන් පියවර ගැනීම ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන්ය.

ඔවුන් පවසන්නේ වෛරසය දරුවන්ට මාරාන්තික නොවන බව පෙනී ගියත් ඔවුන් හරහා පවුල්වල සාමාජිකයන්ට වයිරසය වැළඳිය හැකි බවයි.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ස්වීඩන් රජයේ බලධාරීන්ට ලිපියක් යොමු කිරීමට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍යය නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ස්වීඩන් සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ පාසල් ළමුන් වෛරසයේ ව්‍යාප්තියට හේතු වනු ඇතැයි  විශ්වාස නොකරන බවය.


ගාඩියන් ඇසුරෙනි ...
(125)



අදහස් (1)

පෙර පාසල් හා ප්‍රාථමික පාසල් විවෘත කළාට ස්වීඩනයට දොස්

Bamunuarachchi Monday, 30 March 2020 02:15 AM

ස්වීඩනයේ ජනගහනය අඩුකර ගැනීමට එරට රජය කරන උප්පර වැට්ටියක්ද කොහෙද? නැතිනම් මොන රජයක්ද පෙර පාසල් විවෘත කරන්නේ මෙවන් අවස්ථාවක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site