ජර්මනියේ කොරෝනා මරණ 389 ක් දක්වා ඉහළට ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52,547ක් දක්වා වැඩි වී ඇතැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 389ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට රොබට් කොක් ආයතනය අද (29) සඳහන් කළේය. 29 March 2020
හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙතට බෙදාහැරීමේ කටයුතු අද(29) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා පවසයි. 29 March 2020
අයිඩිඑච් රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙක් සුව ලබා පිටව යයි කොරෝනා ආසාදනය වී අයිඩිඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි තවත් එක් ආසාදිතයකු සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 March 2020
කොරෝනා අස්සේ මිසයිල යවති උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි. 29 March 2020
ඇඳිරි නීතිය ඉවත්කළත් හෙට සිට බණ්ඩාරවෙල වසාදමයි ඇඳිරි නීතිය ඉවත් කළද හෙට (30) බණ්ඩාරවෙල නගරය මුල්මනින්ම වසා දැමීමට බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව තීරණය කළේ යයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (29) පැවසීය. 29 March 2020
අරුණෝදය මාවත අගුළු දමයි පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි. 29 March 2020
රජයේ රෝහල් සායන සුපුරුදු පරිදි: මාස දෙකකට ඖෂධ නිකුත් කරයි රජයේ රෝහල්වල පැවැත්වීමට තිබූ සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර, ඉදිරි මාස දෙක සඳහා ද ඖෂධ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 29 March 2020
කොරෝනා කාලයේ හෘදයාබාධයකදී ගත යුතු පියවර ගැන උපදෙස් කොරෝනා වයිරසය වසංගත තත්වයක් ව පවතින මේ කාලයේදී පුද්ගලයකුට හෘදයාබාධායක රෝග ලක්ෂණ මතුවූයේ නම්, අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මහජනයාට දැනුම් දී තිබේ. 29 March 2020
කොරෝනා සහන වැඩට මාලිම්බඩ ප්‍රා. සභාවෙන් ලක්ෂ 10 ක් කොරෝනා වයිරස් මර්ධන කටයුතු සහ ජනතාවට සහන සැලසීම සදහා මාලිම්බඩ ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන් මහතා පවසයි. 29 March 2020
අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි ඌව පළාතේ පළාත් පාලන ආයතන වල මහ සභා කඩිනමින් රැස්කර මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පළාත් පාලන අරමුදල් තිබේනම් ඒවායින් අසරණ වූ ජනතාවට ආහාර දව්‍ය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතා නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට දන්වා තිබේ. 29 March 2020
‘නාගොඩ රෝහලට පැමිණිම සීමා කරන්න’ පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර නාගොඩ රෝහල වෙත වෙනත් බාහිර අසනීප සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණීම හැකිතාක් සීමාකරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්ගෙන් ඉල්ලා සිටී. 29 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණයට බාධා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණය කිරීමේදී අද(29) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බාධා එල්ලවීම නිසා එහි නිසියාකාර විෂ බීජහරණය කරගැනීමට නොහැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 29 March 2020
කොරෝනා මර්දනයට මුලටියන ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මුලටියන ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇතැයි මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පවසයි. 29 March 2020
අසරණ ජනයාට සහන සලසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා පැවසිය. 29 March 2020
ජනතාවට සහන සලසන්න වෙන්නප්පුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 125 ක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සභාවේ පොදු අරමුදලින් රුපියල් ලක්ෂ 125 ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය. 29 March 2020
නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් නිවාස වලම රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්බව මාරාවිල පොලිසිය කියයි. 29 March 2020
අකුරණ ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් සොයයි මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ. 29 March 2020
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 29 March 2020
ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ . 29 March 2020
කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කර ඇතැයි අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ජී නිහාල් ද සිල්වා මහතා පවසයි. 29 March 2020
නිරෝධායනය අවසන් කළ හයවැනි කණ්ඩායම පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හයවැනි කණ්ඩායම අද (29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ. 29 March 2020
පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 29 March 2020
පුත්තලම කඩයන්කුලම - අකුරණ ගම් දෙකක් මුළුමනින්ම වසා දමයි පුත්තලම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම් දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සම්පුර්ණයෙන්ම වසැ දැමීමට පියවර ගත් බව පොලීසිය කියයි. 29 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 29 March 2020
කල්පිටියේ නාවික හමුදා කඳවුරක වෙඩි තැබීමකින් අයෙක් මරුට කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 29 March 2020
ඇඳිරිනීතියේදී බෙහෙත් තුණ්ඩුවක් ගෙන මත්කුඩු ජාවාරමේ ගිය අයෙක් අත්අඩංගුවට ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි. 29 March 2020
කොරෝනා වයිරසයෙන් ඉතාලියේ මිය ගිය ගණන 10,000 ඉක්මවයි ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 10,000 ඉක්මවා ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. 29 March 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ. 29 March 2020
ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 28 March 2020
ලංවීම ඉංජිනේරු සංගමයෙන් පානදුර මහ රෝහලට උපකරණ පරිත්‍යාගයක් රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ සහ අයි සී යූ ඇඳන් තුනක් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් අද (28) පානදුර මහ රෝහලට පරිත්‍යාග කළේය. 28 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026