(එච් .චන්දන)
කල්පිටිය - මොහෙත්තුවාරම දූපතේ නාවික හමුදා කඳවුරක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ඊයේ (28) වැනිදා රාත්‍රී 12.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.
වෙඩි තැබීම සිදු කළ බව කියන නාවික හමුදා සෙබළෙකු ගිනි අවියක්ද සමඟ පලා ගොස් ඇති බවත් ඔහු මොහෙත්තුවාරම දූපතේ ඇති කඩොල් කැලෑවක් තුළ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් කල්පිටිය පොලිසිය පැවසීය.
නාවික හමුදාවේ කණ්ඩායම් කිහිපයක්ම ඔහු සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය කීය.
රාජකාරි ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකින් දුරදිග ගොස් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්පිටියේ නාවික හමුදා කඳවුරක වෙඩි තැබීමකින් අයෙක් මරුට
Chandawimala Himi Sunday, 29 March 2020 02:58 AM
ඉවසීමක් පුරුදු කරලම නැති බවයි මෙකෙන් පෙනෙන්නේ...
Don Sunday, 29 March 2020 03:12 AM
රණවිරු නාමය කෙලසන අයෙක්...
wije Sunday, 29 March 2020 04:32 AM
මේ වෙලා තියන විනාසේ මදිවාට ඔයාලත් මරාගන්න.