(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සීමාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දීමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) ආරම්භ කර ඇත.
හැටන් නගරයේ සහ ඒ අවට කිසිඳු නගරයක රජයේ ඔසුසැලක් නොමැති නිසා හැටන් දික්ඔය නගර සභාවේ විශේෂ අවසරයක් මත හැටන් නගරයේ ප්‍රධාන ඖෂධ අලෙවිසැලක් විසින් සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ ඇණවුම් කරන ලද ඖෂධ වර්ග නිවසටම ගොස් බෙදා හැරීම සිදුකරනු ලැබීය.
ඇඳීරි නීතිය පවතින කාලය තුළ හැටන් දික්ඔය නගර සභාව විසින් තොරාගත් ඖෂධ වෙළඳසැල් කිහිපයකට දිනකට එක් ඔසුසැලක් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇත.
හැටන් පොලිසියෙන් ලබාගත් ඇඳිරි නීති බලපත්‍රයක් මත රෝගීන් ඇණවුම් කරන ලද ඖෂධ වර්ග මේ අනුව නිවසටම ගොස් බෙදා හැරීම සිදුකරනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැටන් ඖෂධහලකින් ගෙදරටම බෙහෙත්
නෙවිල් Sunday, 29 March 2020 11:11 AM
හැටන් පමණක් නොවෙයි.., හැමතැනම වගේ මේ ක්‍රමය දැන් ක්‍රියාත්මකයි.