IMG-LOGO

කොරෝනා යැයි තහවුරු වූ කාන්තාවක් අයි ඩී එච් යවයි

( රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා බවට තහවුරු  වු මොරටුවේ කල්දෙමුල්ල  ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු  කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.
 
මෙම කාන්තාව උණ රොගී තත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා රාත්‍රියේ රෝහල් ගත වී ඇති බවත්  එහිදී පහළ වු ලක්ෂණ හේතුවෙන්  සිදු කළ පරික්ෂාවේදී කොරොනා බවට තහවුරු වීම හේතුවෙන් එසේ අයි.ඩී.එච් වෙත මාරැකොට යවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කාන්තාව  රෝහල් ගතවීමට පෙර ඊබට් පටුමගේ ඩිස්පෙන්සරියකින් ප්‍රතිකාරගෙන ඇති බවත්  එදින එම ඩිස්පෙන්සරියට පැමිනි රෝගීන් නිරෝධානය වීම සඳහා තමා හා සම්බන්ධ වන ලෙසත් සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිවරයා පැවසීය.
 
වයිරසය ඇයට ආසාදනය  වුයේ කොතනින්ද යන්න සැක සහිත බවත්  කාන්තාවගේ පුතා ගුවන්තොටුපොළ සේවාවේ නිරත පුද්ගලයෙකු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

රෝගි කත පදිංචිව සිටි ප්‍රදේශයේ නිවාස 10 නිවැසියන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය



අදහස් (0)

කොරෝනා යැයි තහවුරු වූ කාන්තාවක් අයි ඩී එච් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site