IMG-LOGO

අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවැත්වූ 16 ස්වයං නිරෝධායනයට

(චමිල්  රූපසිංහ)
 
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයා සමඟ සෘජුවම සම්බන්ධකම් පැවැත්වු 16 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති ඒ . රාජපක්ෂ මහතා පැවැසිය.
 
මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රථිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයාද මේ වන විට නිරෝධනයට ලක් කර ඇති බවද ඔහු පැවැසිය.
 
මේ අතර මෙම පුද්ගලයා සමග ඉන්දියාවේ සිට පැමිණි  අනිත් පුද්ගලයාද සොයමින් පවතින බවද මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති රාජපක්ෂ මහතා පැවැසිය.
 
සුදුහුම්පල,වැරල්ලගම,ගම්පල, වත්තේගම පෙදෙස් වල මෙම පුද්ගලයා ඇසුරු කල පුද්ගලයින් පිළිබදව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විසින් සොයමින් පවතින බවද ඔහු පැවැසිය.



අදහස් (5)

අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවැත්වූ 16 ස්වයං නිරෝධායනයට

wicky Sunday, 29 March 2020 10:34 AM

ආපු ගුවන්යානයේ සියලු දෙනාමත් පරික්ෂා කල යුතුයි...

:       0       4

de silva Sunday, 29 March 2020 11:03 AM

පසුගිය කලේ ගුවන් මගින් පැමිණි සියලුදෙනාගේම දත්ත (ගුවන් යානයේ ආසන අංකය , නම ,ලිපිනය, දුරකථන අංකය ඊමල් ) යන සියලු විස්තර අඩංගු පත්‍රිකාවක් ආගමන විගමන අංශයට දෙන්න ඕනේ... මේ පත්‍රිකා ටික පිළිවෙලකට ආරක්ෂා සහිතව තිබුනොත් , ඔහු වටේ සිටිය පිරිස , ඉක්මනටත්, පහසුවෙනුත් දැනුවත් කර නිරෝධනයට යොමු කරන්න පුළුවන්...

:       0       2

Kasun Sunday, 29 March 2020 11:17 AM

ස්වයං නිරෝධායනය නෙමෙයි නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න. නැත්නම් ආපහු ගම පුරා ඇවිදියි...

:       0       10

anulaSunday, 29 March 2020 11:39 AM

හිරගෙයක් හිස්කරලා ‌මේ ඔක්කොම එකකට දාලා වහන්න ඕනේ. එතකොට ‌මේ අයට ඇවිදින්න බැහැ.

:       0       0

de silva Sunday, 29 March 2020 12:28 PM

කසුන් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. නිරෝධායන මධ්‍යස්ථානයකට දමන්න. එතකොට ඉදිරියට මිනිස්සු ඔය රට ඉඳල පැමිණ නිරෝධායන කඩකරන පුද්ගලයෙක් දැක්කොත් සතුටු සාමිචියේ යෙදෙන එකක් නැහැ . ගෙදරට එන්න ඉස්සරවෙලා දොර වහගෙන ආරක්ෂා වේවි.... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site