IMG-LOGO

කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ මුහුදු ගිය ධීවරයෝ 10 ක් ගොඩබිම ගෙනෙති

ඉන්දිකා රාමනායක

කොරෝනා වයිරසය ආසාදිතයකු  ඇසුරැ කළ බව කියන පුද්ගලයකු  ධීවර කටයුතු සදහා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත  ඔහු සමග  ධිවර කටයුතු සදහා ගොස් සිටි ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ ධීවරයින් 10 දෙනකු  අද (29) අලූයම මුහුදේ සිට ගොඩබිම වෙත ගෙන්වාගෙන  නාවික හමුදා  ති‍්‍රකුණාමලය විදුර  නාවික හමුදා කදවුර තුළ දින 14 ක නිරෝධායනයට යොමුකළ බව නාවික හමුදාව පවසයි.

මෙම ධීවරයා කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයකු ඇසුරු කර පසුව පිරිසක් සමග ධීවර කටයුතු  වලට ගොස් ඇති බවට නාවික හමුදාව වෙත ලැබුණු තොරතුරක්  මත  මොවුන් ගොඩබිම වෙත ගෙන්වා ගත් බව නාවික හමුදා මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර්  ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.

මෙම පුද්ගලයා සමග බෝට්ටුවේ ගමන් ගත් සිව් දෙනා හා ඔවුන් සමග ඇසුරු කළ  තවත් ධීවර යාත‍්‍රා තුනක පිරිස මෙලෙස ගොඩබිම වෙත ගෙන්වාගෙන නිරෝධායනය වෙත යොමු කළ බවද ඒ මහතා කියා සිටියේය.

මෙම  ධිවරයින් පිරිස  මීට දින කිහිපයකට පෙර  ධීවර කටයුතු සදහා ගොස් ඇති බවත් බවද නාවික හමුදාව කියයි.

ගොඩබිම වෙත රැගෙන ආ බව මෙම පිරිස නාවික හමුදාව විසින්   පරීක්ෂණ යට ලක්කර   ඇති  අතර පසුව නිරෝධායනය සදහා යොමු කළ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.

මෙම පිරිස ගමන් ගත් බෝට්ටු 3 ද   නාවික හමුදාව විසින් විසබීජහරණයට ලක් කළ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.



අදහස් (0)

කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ මුහුදු ගිය ධීවරයෝ 10 ක් ගොඩබිම ගෙනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site